'මෙය සාමාන්‍ය සිදුවීමක්,රාජපක්ෂලා මළ මිනී විකුණමින් නැගිටින්න හදනවා'-මංගල - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 21, 2019

'මෙය සාමාන්‍ය සිදුවීමක්,රාජපක්ෂලා මළ මිනී විකුණමින් නැගිටින්න හදනවා'-මංගල

Loading...
පාස්කු ඉරිදා ත්‍රස්තවාදී සංවිධානයක් විසින් සංවිධානාත්මකව සිදුකරන ලද සිද්ධිය භීෂණයක් මවා පෑමට රාජපක්ෂවරුන් ගත් උත්සහයක් බව මංගල සමරවීර මහතා කියා සිටියි.

මෙම ත්‍රස්තවාදීන් 2015 යහපාලන ආණ්ඩුව විසින් ගොඩනැගූ සංහිදියාව, ප්‍රජාතන්ත්‍රවාදය හා සංවර්ධනය යන ත්‍රිත්ව කුළුණම ඉලක්ක කර ඊට එරෙහිව සිදු කළ ක්‍රියාවක් බවත් තනි පුද්ගල ක්‍රියාවක් හෝ සැලසුමක් නොවන බවත් ඔහු කියා සිටියේය.

මෙවැනි අවස්ථාවක දේශපාලන වාසි ගැනීම සදහා මළ මිනී ප්‍රදර්ශනය නොකරන ලෙස සමාජ මාධ්‍ය හා මාධ්‍ය වලින් ඇමතිවරයා ඉල්ලා සිටියේය.

ගොඩනැගෙමින් පැවති ආර්ථික වර්ධනය අඩාල කිරීමට හා සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් අතර පැවති සංහිදියාව සුණු විසුණු කර දැමීම මේ ප්‍රහාරයේ ඉලක්කය වී ඇති බව පැහැදිලි බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
-sinhalaasianmirror

No comments:

Post a Comment

Post Bottom Ad