Loading...
* සුපිරි හෝටල් 3කටත් පහරදෙති
* දෙමටගොඩදී හා දෙහිවලදීත් පිපිරීම්
* දෙමටගොඩ මරාගෙන මැරෙන ප‍්‍රහාරයෙන් පොලිසියේ තිදෙනෙක් මියයති
* 450 කට තුවාල
* මරාගෙන මැරුණු 7 දෙනෙක් හඳුනාගැනෙති
* සැකකරුවෝ 7ක් අත්අඩංගුවට
* විදේශිකයෝ 40ක් මරුට
දේවස්ථාන තුනක්, කොළඹ ප‍්‍රධාන හෝටල් තුනක් ඇතුළු ස්ථාන 08 ක ඊයේ (21 දා) අන්තවාදී ත‍්‍රස්ත කණ්ඩායමක් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර 09කින් පුද්ගලයන් 228දෙනකුට වැඩි පිරිසක් මියගොස් 450කට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මෙම ප‍්‍රහාරවලින් මියගිය පිරිස අතර විදේශිකයන් 32 දෙනකු සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
කොටහේන කොච්චිකඬේ ශාන්ත අන්තෝනි, කටාන කටුවපිටිය සහ මඩකලපුව ප‍්‍රධාන වීදිය යන ස්ථානවල පිහිටි දේවස්ථාන තුනකද, සිනමන් ග‍්‍රෑන්ඞ්, ෂැන්ග‍්‍රිලා සහ කිංග්ස්බරි යන කොළඹ පිහිටි ප‍්‍රධාන හෝටල් තුනකද, දෙහිවල සත්වෝiානය අසල හෝටලයක සහ දෙමටගොඩ නිවසක ද පිපිරීම් සිදු වී තිබිණි.
ෂැන්ග‍්‍රිලා හෝටලය තුළ සිදු වූ බෝම්බ ප‍්‍රහාරයත් සමග ආරක්‍ෂක අංශ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී පිපිරීම සිදු වූ ස්ථානයේ වැටී තිබූ හැඳුනුම්පතක් ඔස්සේ පරීක්‍ෂණ ආරම්භ කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් හැඳුනුම්පතේ පිහිටි දෙමටගොඩ ගුවන් පාලම අසල මහවිල පටුමග පිහිටි ලිපිනයට ගොස් තෙමහල් නිවස පරීක්‍ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේ එහි සිටි මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදියකු බෝම්බයක් පුපුරුවා ගැනීමෙන් පරීක්‍ෂාවට ගොස් සිටි අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්‍ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇත.
මෙම ප‍්‍රහාරවලින් මියගිය පිරිස් අතර කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියෝ දක්වා අය වෙති. ඉන් වැඩි පිරිසක් ඊයේ (21 දා) දිනට යෙදී තිබූ පාස්කු ඉරිදා පෙරවරුවේ දේව මෙහෙයට එක්ව සිටි පවුල්වල පිරිස් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
පොලිසිය සිදුකළ විමර්ශනවලදී මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කළ පුද්ගලයන් 07 දෙනෙකු ඊයේ (21 දා) වන විට හඳුනාගෙන තිබූ අතර ඉන් ෂැන්ග‍්‍රිලා හෝටලය තුළ බෝම්බ පුපුරාගෙන ඇත්තේ කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බව හෙළි කරගෙන තිබේ. බෝම්බ පුපුරවා ගත් තවත් තිදෙනකු කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශයේ පදිංචි අන්තවාදී කණ්ඩායමක සාමාජිකයන් බව ද හෙළි කරගෙන ඇත. ප‍්‍රධාන හෝටල් තුන තුළ සිදුකළ මරාගෙන මැරෙන ප‍්‍රහාර සිදුකරන ආකාරය එහි සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියේ ද සටහන්ව තිබේ.
මඩකලපුව ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වන අන්තවාදී කණ්ඩයමකට අයත් මෙහි සාමාජිකයන් විදෙස් රටක සිට බෝම්බ පිපිරවීම සඳහා පුහුණුව ලබාගෙන ඇති ද යන්න ආරක්‍ෂක අංශවලට දැඩි සැකයක් මතු වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. බෝම්බ ප‍්‍රහාර එල්ල කළ බවට හඳුනාගත් හත්දෙනාම ශ‍්‍රී ලාංකිකයන් බව ද හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී මෙවැනි ප‍්‍රහාර 30 ක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් ඉන් ප‍්‍රහාර 09 ක් සිදුකර ඇති බවත් හෙළි කරගෙන ඇත. පාසල්, දුම්රිය ස්ථාන ඇතුළු වැදගත් ස්ථාන ඉලක්ක කර එම ප‍්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබෙන්නට ඇතැයි ආරක්‍ෂක අංශ සැක පහළ කරයි.
පිපිරීම් මාලාවෙන් ජාතික රෝහලේ මෘත දේහ 66 ක් සහ තුවාලකරුවන් 260 ක්, මීගමුව රෝහලේ මෘත දේහ 104 ක් හා තුවාලකරුවන් 100 ක්, කළුබෝවිල රෝහලේ මෘත දේහ 02 ක් හා තුවාලකරුවෙක් (දෙහිවල පිපිරීමෙන් මියගිය දෙදෙනා) මඩකලපුව රෝහලේ මෘත දේහ 28 ක් සහ තුවාලකරුවන් 51 ක්, රාගම රෝහලේ මෘත දේහ 07 ක් සහ තුවාලකරුවන් 32 ක්, ගම්පහ රෝහලේ තුවාලකරුවෙක් සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඊයේ (21 දා) සවස පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
මෙම බෝම්බ ප‍්‍රහාරවලින් දෙහිවල හා දෙමටගොඩ ප‍්‍රහාර සිදුවීමට පෙර දේවස්ථාන තුනේ සහ ප‍්‍රධාන හෝටල් තුනේ බෝම්බ පිපිරීයෑම් පෙරවරු 8.45 ට සිදු වී ඇති නිසා එකම අවස්ථාවක සිදුවී තිබෙන බව විමර්ශනවලදී හෙළි වී තිබෙන බව ද ඔහු කීය.
මෙම ත‍්‍රස්ත ප‍්‍රහාර සිදුවීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් 07 දෙනෙකු ඊයේ (21 දා) සවස් වන විට අත්අඩංගුවට ගෙන සියලූ පරීක්‍ෂණ සිදු කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ. එයට සහාය වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ත‍්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීමට තීරණය කර තිබෙන බව ද ඒ මහතා කීය.
ඇති වූ සිද්ධීන් සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඊයේ (21 දා) සවස සිට දිවයින පුරා පොලිස් ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කළ බව ද ඒ මහතා කීය. ඊට අමතරව රෝහල් ඇතුලූ ආරක්‍ෂාව තර කළ යුතු සියලූ ස්ථානවල ආරක්‍ෂාව තර කිරීමට ආරක්‍ෂක අංශ පියවර ගෙන ඇතැයි ද ඔහු කීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය තුළ 011-2322485 මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙන බව ද ඔහු කීය.
-දිවයින පුවත්පත
No comments:
Post a Comment