දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 21, 2019

දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි

දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි

දිවයින පුරා අද(21) ප.ව 6.00 සිට හෙට(22) පෙ.ව 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.  

රටේ ආරක්ෂයක තත්ත්වය පිළිබදව ආරක්ෂක අංශ සහ සියලුම අංශවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ජාවක් පැවති අතර එහිදී පොලිසීය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා සියලුම ආගමික ස්ථාන, සංචාරක හෝටල්, රෝහල්, තානාපති කාර්යාල සහ සියලුම කතෝලික ආගමික නායකයන් ඇතුළු ආගමික ස්ථාන, රජයේ වැදගත් ස්ථාන වල ආරක්ෂාව තර කිරීමට රජය කටයුතු යොදා ඇත.

තවද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ උපදෙස් පරිදි මෙම පරීක්ෂණ, කටයුතු සිදුකිරීම සඳහා මෙන්ම අපරාධකරුවන් සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මෙහෙයුම් මැදිරියක් පිහිටුවා ඇත.

මේ අතර, සිදුවු පිපිරීම්වලින් ආබාධිත තත්වයට ලක්වු රෝගීන් සඳහා කඩිනමින් ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස සියලුම රෝහල් බලධාරීන්ට මේ වන විටත් උපදෙස් ලබාදී ඇත. 

එමෙන්ම මියගිය පුද්ගලයින් හදුනාගැනීමේ කටයුතු සිදුකරන අතර ඔවුන්ගේ මරණ පරීක්ෂණ කඩිනමින් සිදු කිරීමට අධිකරණ බලධාරීන් කටයුතු කරමින් සිටී. 

එසේම මිය ගිය සියලුදෙනාගේ අවමංගල්‍ය කටයුතු රජයේ වියදමින් සිදුකිරීමට රජය තිරණය කර තිබේ.

මෙම සිදුවීම්වලට අදාල පරීක්ෂයණ ආරක්ෂණ අංශ විසින් ඉතා පුළුල් ලෙස මේ වන විට සිදු කරන අතර සමාජ මාධ්‍ය හරහා සාවද්‍ය ප්‍රවෘත්ති හුවමාරුවන බැවින් එම පරීක්ෂිණ කටයුතු අවසන් වන තුරු තාවකාලිකව සියලු සමාජ ජාල මාධ්‍ය අවහිර කිරීමට රජය තීරණය කර තිබේ.

එමෙන්ම අප්‍රේල් 22, 23 යන දෙදින පෞද්ගලික සහ රජයේ සියලු පාසල් නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශ කිරීමට ද රජය පියවර ගෙන ඇත.

මේ වන විට සියලුම ප්‍රදේශවල ආරක්ෂක කටයුතු තර කර ඇති බැවින් රටේ සියලු ජනතාවට තම නිවෙස් වල සන්සුන්ව සාමය ආරක්ෂාක කරමින් රැඳි සිටින ලෙස සහ ආරක්ෂසක අංශවලට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස රජය ඉල්ලා සිටී.

ජනතාවගේ ආරක්ෂාව සඳහා ත්‍රිධ හමුදාව කැඳවා ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් යුතුව ත්‍රිවිධ හමුදාව මහජන ආරක්ෂාව තහවුරු කරනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad