අයවැය පරාජයට පත් කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් කිසිදු පාර්ශ්වයක් ක්‍රියාත්මක නොකළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
තම කණ්ඩායම අයවැයට විරුද්ධ වුවත් අයවැය ජයගැනීම සඳහා ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් 119 දෙනෙකුගේ සහයෝගය පැවති බව පෙරේදා (05) දින්යේදීත් දැකගත හැකිවූ බව ඒ මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය වසරේදී දැඩි තීරණයකට පැමිණ මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයට ද පත් කළ නමුත් ඔවුන්ට පාර්ලිමේන්තුව තුළ ආසන 113ක් සම්පූර්ණ කරගැනීමට නොහැකි වූ බව සිහිපත් කළ ජයසේකර මහතා අනාගතයේදී හෝ ඔවුන් ආසන 113ක් සම්පූර්ණ කරගත හැකි තැනක සිටින්නේ නම් ඔවුන්ට සහාය දීමට තම පක්ෂය සූදානම් බවත් සඳහන් කළේය.
එහෙත් ආණ්ඩු විරෝධී නිසි වැඩපිළිවෙලකින් තොරව නිකම්ම අයවැය ඡන්ද විමසීමකදී ශ්‍රීලනිපය සිර කිරීමට පොහොට්ටුව උත්සාහ දරන්නේ නම් ඊට තමන් යට නොවන බවත් ඒ මහතා අවධාරණය කළේය.
No comments:
Post a Comment