අයවැය තීන්දුවේ වගකීම මහින්ද ජනපති පිට පටවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 6, 2019

අයවැය තීන්දුවේ වගකීම මහින්ද ජනපති පිට පටවයි

අයවැය තීන්දුවේ වගකීම මහින්ද ජනපති පිට පටවයි

වර්තමානයෙහි රටේ ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවක් නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවක් බැවින් අයවැයෙහි වගකීම ද ජනාධිපතිවරයා විසින් භාරගත යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අයවැයෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමේ තීන්දුව ජනාධිපතිවරයා විසින් ගත් එකක් බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මේ අනුව ශ්‍රීලනිප - පොහොට්ටු සාකච්ඡා අසාර්ථක වේදැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ සාකච්ඡා අසාර්ථක නොවන බවත් සියළු දෙනාම එක්ව අවසානයේ සටනට බසින බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad