මධුෂ් හඳුන්වලා දුන්නේ අමල් - රයන් හෙළි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 6, 2019

මධුෂ් හඳුන්වලා දුන්නේ අමල් - රයන් හෙළි කරයි

මධුෂ් හඳුන්වලා දුන්නේ අමල් - රයන් හෙළි කරයි

මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා තමාට හඳුන්වා දුන්නේ ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා විසින් බව රංගන ශිල්පී රයන් වැන් රෝවන් ඊයේ (06) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වැලිගම පොලිසියට භාරදුන් රංගන ශිල්පී රයන් වැන් රෝවන් ඊයේ (06) මාතර මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 11 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඉසුර නෙත්තිකුමාර මහතා නියෝග කළේය.

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ සිටියදී ඉකුත්දා අත්අඩංගුවට පත්ව ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන් රෝවන් ඇතුළු පස්‌දෙනකු 03 දා මෙරටට පිටුවහල් කර තිබිණි.

එහිදී රංගන ශිල්පී රයන් වැන් රෝවන් ඇතුළු පිරිස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගත් අතර පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් පැය 18 කට අධික කාලයක්‌ ප්‍රශ්න කරනු ලැබීමෙන් අනතුරුව පෙරේදා (05) අලුයම 03 ට පමණ වැලිගම පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad