Loading...
ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද කෙටි පිණිවුඩ අවහිර කිරීමට කිසිදු පාරිභෝගිකයෙකුට නොහැකි බව මෙරට ප‍්‍රධාන පෙලේ ජංගම දුරකතන සමාගම වන ඩයලොග් සදහන් කරයි.
ජනාධිපතිවරයා විසින් එවන ලද අලුත් අවුරදු සුබ පැතුම අවහිර කලද ජනාධිපතිවරයාගේ සුබ පැතුම් තව දුරටත් ලැබෙන බවට පාරිභෝගිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට ඔවුන් මෙසේ සදහන් කර ඇත්තේ සමාගමේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේය.
මෙම පණිවුඩ යොමු කරන ලද්දේ ජනාධිපති කාර්යාලය විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව මගින් කරන ලද ඉල්ලීමක් අනුව බවත් එම පණිවුඩය සියලුම පාරිභෝගිකයන් වෙත යවා ඇති බවත් සදහන් කරන ඩයලොග් සමාගම එම පණිවුඩ යොමු කිරීම අවහිර කල නොහැකි බවත් කියා සිටී.
=lankasinhalanews
No comments:
Post a Comment