ජුනිවල සිට ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රමයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 15, 2019

ජුනිවල සිට ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රමයක්

ජුනිවල සිට ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රමයක්

ඝණ ආහාර සහ අර්ධ ඝණ ආහාර සදහා වර්ණ සංකේත ක්‍රමය ජුනි මස 01 දා සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිත අතර, එම ගැසට් නිවේදනයට සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා අත්සන් කරන ලදි.

මෙම වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් මස 02 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් අදාල ගැසට් නිවේදනය භාෂාවලට පරිවර්තනය කිරිම ප්‍රමාදවීම නිසා එදින සිට මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.

මෙම වැඩපිළිවෙල සඳහා බිස්කට් නිෂ්පාදකයින්ගේ සහ රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගම්වල ද සහයෝගය ලැබී ඇත.

මීට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත පැණිබීම සඳහා වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලදි.

No comments:

Post a Comment

Post Bottom Ad