Loading...
උපකාරක පන්තියකට සහභාගි වීම ස`දහා ආණමඩුව නගරයට පැමිණි වයස අවුරුදු 15ක් වන පාසල් සිසුවියක පෞද්ගලික බස් රථයක් තුළදී දුෂණය කළ බස් කොන්දොස්තරවරයකු ආණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 08 වැනිදා සවස මෙම අපරාධය සිදුවී තිබේ. අපරාධය සිදුකළ බව කියන පුද්ගලයා 28 හැවිරිදි විවාහකයෙකි. අතවරයට පත්ව ඇති පාසල් සිසුවිය පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගි වීම ස`දහා නගරයට පැමිණ ඇත. එම අවස්ථාවේදී සැකකරු දැරිය රවටා ගෙන තමන් සේවය කරන බස් රථයෙන්ම ඇය කැ`දවාගෙන ගොස් එම බස් රථය තුළදීම අපරාධය සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී හෙළිවී ඇත.
අතවරය පත්ව ඇති දැරිය තමන් මුහුණ දුන් අත්දැකීම නිවසට පැමිණි පසුව තම මව සමග පවසා ඇත. ඒ අනුව දියණිය සමග ආණමඩුව පොලිසියට පැමිණි මව මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එම පැමිණිල්ලට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.
අතවරයට පත්ව ඇති දැරිය වෛද්‍ය පරීක්ෂණයක් ස`දහා පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කර ඇත. සැකකරු ආණමඩුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
-දිවයින පුවත්පත
No comments:
Post a Comment