ගෝඨාට එරෙහි සුකාගේ ඉල්ලීම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉවත දමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 9, 2019

ගෝඨාට එරෙහි සුකාගේ ඉල්ලීම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉවත දමයි

Loading...

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඇමරිකාවෙන් පිටවීමට ඉඩ නොදී රඳවා ගන්නා ලෙස ජාත්‍යන්තර සත්‍ය සහ සාධාරණ ව්‍යාපෘතියේ ප‍්‍රධානි යස්මින් සුකා කළ ඉල්ලීම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප‍්‍රතික්‍ෂේප කර ඇත.
කැනඩාවේ සිට ශී‍්‍ර ලංකාවට පැමිණි ද්‍රවිඩ තරුණයකු වධහිංසාවට ලක්කිරීමේ චෝදනාව මත තම සංවිධානය කැලිෆෝනියා අධිකරණය හමුවේ සිවිල් නඩුවක් ගොනු කළ බවද ඇය තම ඉල්ලීමේ සඳහන් කර තිබේ.

කොටි ඩයස්පෝරාවට සහය වන යස්මින් සුකා හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට එරෙහිව මේ නඩුව පවරා ඇත්තේ රෝයි සමාතානම් නමැති කැනඩා ශී‍්‍ර ලංකා ද්විත්ව පුරවැසියා වෙනුවෙනි.

ඇය මේ වන විට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු හමුදාපති ජගත් ජයසූරිය, හිටපු මේජර් ජෙනරාල් ජගත් ඩයස් යන මහත්වරුන්ට එරෙහිවද නඩු ගොනුකර ඇත. 
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad