දුම්රිය සේවක වර්ජනය අත්හිටුවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 9, 2019

දුම්රිය සේවක වර්ජනය අත්හිටුවයි

දුම්රිය සේවක වර්ජනය අත්හිටුවයි
වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය අධීක්ෂණ මෙහෙයුම් නිලධාරීන්ගේ සන්ධානය හා දුම්රිය අධීක්ෂණ කළමණාකරුවන්ගේ සන්ධානය අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටුවා තිබේ.
ඒ, ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.
 
දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා පැවසුවේ, තම ඉල්ලීම් සම්බන්ධයෙන් ලබන 18 වන දා ප්‍රවාහන හා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad