මෙවර උත්සව සමයේ භාණ්ඩ මිල ඉහළ ගියේ අනවශ්‍ය බදු නිසයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 16, 2019

මෙවර උත්සව සමයේ භාණ්ඩ මිල ඉහළ ගියේ අනවශ්‍ය බදු නිසයි

මෙවර උත්සව සමයේ භාණ්ඩ මිල ඉහළ ගියේ අනවශ්‍ය බදු නිසයි

ආණ්ඩුව අනවශ්‍ය ලෙස බදු අයකිරීම හේතුවෙන් මෙවර උත්සව සමයේ භාණ්ඩ මිල ඉහළ යාමට හේතු වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි මැතිවරණයකදී ආණ්ඩුවට දරුණු පරාජයකට මුහුණදීමට සිදු වනු ඇති බවයි.

තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට සුබපැතීමට හිටපු රාජ්‍ය නිලධාරීන් ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව තංගල්ලේ කාල්ටන් නිවස වෙත  අද පැමිණ සිටියේය.

ඒ අතර හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාද සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad