Loading...
එජාප නියෝජ්‍ය නායක නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් අද දිනයේ උත්සව සභාවත් අමතමින් දරුණු ප්‍රහාරයක් එල්ල කළේය.
එජාප උප නායක රවී කරුණානායක මහතා විසින් ඊයේ දිනයේ සිදුකරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙය ප්‍රකාශය සිදු කරන්නට ඇතැයි වාර්තාවන් පළවෙයි.
පේ‍්‍රමදාස මහතා ධම්ම පදයේ ගාථාවක්ද උපුටමින් කියා සිටියේ බැංකු කඩන්නේ වසලයන් බවත් බැංකු හදන්නේ බ්‍රාහ්මනයන් බවත්ය.
ජනතා මුදල් සොරාකන, කොමිස් ගහන, පගාගහන, අල්ලස් ගන්නා පුද්ගලයා තමන් වසලයෙක් යයි ක‍්‍රියාවෙන්ම ඔප්පු කර ඇති බවද ඇමතිවරයා පැවසීය.
‘ගියොත් ගිය කැන ඉවරයි. වගකීමක් බාර ගත්තොත් ඒ වගකීම විනාශයි. ජනතාව බලාපොරොත්තු වෙනව ආලෝකය නමුත් ලැබෙන්නෙ අන්ධකාරය’ යයිද කී ඔහු කවදාවක් බැංකු කඩල බ‍්‍රාහ්මණයෙක් වෙන්න බෑ. තමන් හෝ තම බිරිද යොදවා අල්ලස් ගැනීම බ‍්‍රාහ්මන ක‍්‍රියාවක් නොවෙයි’ යයිද සදහන් කලේය.
ඉතා ඉක්මනින් ලක්වාසීන්ට වසලයන් හා බ‍්‍රාහ්මණයන් තේරුම් ගැනීමට ප‍්‍රඥාව පහල වේවා යයිද ඇමතිවරයා කියා සිටියේ ලුණුගම්වෙහෙරේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
-lankasinhalanews
No comments:
Post a Comment