කුලියාපිටියේ මුස්ලිම් ජාතිකයන්ට අයත් කඩ ගිනි තබමින් ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ පාදඩ මැරයන් සිව් දෙනෙකු පොලිස් අත් අඩංගුවේ සිටියදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු පමණක් වන ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර ජනාධිපති සිරිසේනගේ බලය පෙන්වා නිදහස් කරගෙන තිබෙනවා.
පසුගිය දා කුලියාපිටියේ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට නායකත්වය දුන් අය අතර පිවිතුරු හෙළ උරුමයේ මධු මාධව අරවින්ද සහ ගෝඨාභයගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මහසෝන් බලකායේ අමිත් වීරසිංහ සිටි බව හඳුනාගෙන ඇත. පෙට්‍රල් කෑන් රැගෙන මෝටර් සයිකල් වල නැගී පිට පළාත් වලින් පැමිණි 200 ක් පමණ මැරයෝ කුලියාපිටියේ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන්ට අයත් ව්‍යාපාරික ස්ථාන රැසකට සහ මුස්ලිම් පල්ලි 9 කට පහර දී සමහර ස්ථාන වලට ගිනි තබා තිඇති බවට වාර්ථා වී තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ සිව් දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබූ අතර ජාතිවාදී සිවුරුකරුවන් සමග පැමිණි පිරිස් පොලිසිය වටලා අත් අඩංගුවේ සිටින පාදඩ මැරයන් නිදහස් කරන ලෙස උද්ඝෝෂණය කළහ. පොලිසිය ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවමින් අත් අඩංගුවේ සිටි පිරිස හෙට්ටිපොල පොලිසියට මාරු කරන ලද්දේ ය.
හෙට්ටිපොල පොලිසියට ගිය දයාසිරි ජයසේකර පොලිසිය බාර ජනාධිපතිගේ නියෝග මත යැයි කියා අත් අඩංගුවේ සිටි සැකකරුවන් හෙට්ටිපොලින් බාරගෙන පොලිස් ඇප ලබා දී නිදහස් කරවා ගත්තේ ය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැමිණ මැරයන් පොලිසිවලින් නිදහස් කරගෙන යද්දී කර කියා ගන්නට දෙයක් නොමැතිව ආණ්ඩුවේ වගකිවයුකු පාර්ෂව බලා සිටී නම් මෙරට ජනතාව බලාපොරොත්තුවන යහපාලනය ගැන දෙවරක් සිතීමට අපට සිදුවනු ඇත.
ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙයැවූ මධු මාධව සහ ප්‍රචණ්ඩ මැරයන් නිදහස් කරගත් දයාසිරි පහත දැක්වෙයි
Monday, May 13, 2019

Home
දේශපාලන
21 ප්‍රහාරයෙන් පසු රටේ ඇති වූ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා පසුපස සිටින්නේ සැබෑවටම කවුරුන්ද?
21 ප්‍රහාරයෙන් පසු රටේ ඇති වූ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා පසුපස සිටින්නේ සැබෑවටම කවුරුන්ද?
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment