ජාතික තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලිය සමග සමීප සබඳතා පවත්වමින් එම සංවිධානයේ ප‍්‍රවර්ධන කටයුතු සඳහා පුරෝගාමීව කටයුතු කළ බව කියන කථිකාචාර්යවරයෙක්, විදුහල්පතිවරයෙක් සහ නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් හොරොව්පොතාන සහ පොලොන්නරුව ප‍්‍රදේශවලදී පොලිසිය මගින් ඊයේ (17 වැනිදා* අත්අඩංගුවට ගනු ලැබූහ.
නියෝජ්‍ය පොලිස්පති සෙනරත් සඳුන්ගහවත්ත මහතාට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කළ මෙහෙයුම්වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි විය.
හොරොව්පොතාන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් නූර් මොහොමඞ් අතකර් අදුල් නමැත්තා වීරසෝලි මුස්ලිම් විදුහලේ විදුහල්පතිවරයාය. මොහු පත්තෑව කළුගොල්ලෑව ප‍්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.
එම විදුහලේම නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස කටයුතු කරන අබ්දුල් ජබාර් නජාම් නමැත්තා 48 වන වියේ පසුවන අයෙකි.
මෙම සැකකරුවන් දෙදෙනා තව්හිද් ජමාත් කල්ලියේ නායකයාව සිටි සහරාන් හෂිම් නමැත්තා සමග සමීප සබඳතා පැවැත්වූවන් බව විමර්ශන වලින් හෙළිවී ඇත. මොවුන් දෙදෙනා 2016 වර්ෂයේ සිට සහරාන් හොරොව්පොතාන ප‍්‍රදේශයට කැඳවා සහරාන්ගේ ප‍්‍රධානත්වයෙන් දේශන මාලාවක් පවත්වා ඇති බවද හෙළිවී තිබේ. එම දේශන හරහා තව්හිද් ජමාත් කල්ලියට පුද්ගලයන් විශාල පිරිසක් සම්බන්ධ කර දීමට මොවුන් කටයුතු කර ඇත.
සහරාන්ගේ උපදෙස් මත මෙම සැකකරුවන් දෙදෙනා විසින් හොරොව්පොතාන ප‍්‍රදේශයේ මූලධර්මවාදය ප‍්‍රචාරය කරන දේවස්ථානයක් ද ඉදිකර තිබූ බව පොලිසිය පවසයි. මෙම දේවස්ථානය ඉදිකිරීම සඳහා අවශ්‍ය මුදල් ලබාදී ඇත්තේ සිනමන්ඞ් ග‍්‍රෑන්ඞ් හෝටලයේ බෝම්බ පුපුරුවාගෙන සියදිවි හානිකර ගත් මොහොමඞ් ඊබ‍්‍රාහිම් ඉල්හාම් විසින් බවද විමර්ශනවලින් හෙළිවී ඇත.
මෙම සැකකරුවන් දෙදෙනාගේ නිවාස පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය විශේෂ පරීක්‍ෂාවකට ලක් කර තිබේ.
මෙම සැකකරුවන් දෙදෙනාගෙන් ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතය.
පොලොන්නරුව කදුරුවෙල මුස්ලිම් කොලනියේ පදිංචිකරුවකු වන 33 හැවිරිදි ලෙබ්බේ රෆයිඞීන් නමැත්තා ද පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගන්නා ලදී. කදුරුවෙල මුස්ලිම් කාන්තා අධ්‍යාපන ආයතනයක මූලධර්මවාදය ඉගැන්වීමේ කථිකාචාර්යවරයකු ලෙස මොහු සේවය කර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.
මොහු වසර 10 ක් තිස්සේ ඉරානයේ විශ්වවිiාලයක මුස්ලිම් මූලධර්මවාදය හදාරා ඇති අතර නැවත ශී‍්‍ර ලංකාවට පැමිණ ඇත්තේ ඉකුත් 2017 වර්ෂයේදීය.
තව්හිද් ජමාත් නායක සහරාන් සමග එක්ව දේශන පවත්වා ඇති අතර පොලොන්නරුව කදුරුවෙල ප‍්‍රදේශයේ ද දේශන මාලාවක් පවත්වා ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.
මෙම සැකකරුගෙන් ද පොලිසිය ප‍්‍රශ්න කරන අතර පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතය.
No comments:
Post a Comment