යුද හමුදාපති මාධ්‍ය අමතා විශේෂ ප‍්‍රකාශයක් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 26, 2019

යුද හමුදාපති මාධ්‍ය අමතා විශේෂ ප‍්‍රකාශයක් කරයි


 කෙටි කලකට හෝ රටේ පාලන බලය හමුදාවට පැවරිය යුතු බවට පසුගියදා බෝම්බ පිපුරුම් සිදුවී රට තුළ අනාරක්ෂිත වාතාවරණයක් පැනනැගුණ අවස්ථාවේ සමාජ ජාලා මාධ්‍ය න් හී මෙන්ම සිවිල් පුරවැසියන් බෝහෝ දෙනෙකුගේම මතය වී තිබිණි.

එමෙන්ම ෆේස් බුක් ඔස්සේ පැතිරී යන පෝස්ටුවකින් මෙම රට භාරගැනීමේ කටයුත්තට හමුදාපතිවරයා ඉදිරිපත්ව ඇති බව ප්‍රසිද්ධ කර තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව හමුදා පාලනයකට යොමු කරන  ලෙසට විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව හා ඊට තමන් ප‍්‍රතිචාර දක්වා ඇති බවට සමාජ මාධ්‍යයන්හි පළවන වාර්තා යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ප‍්‍රතික්ෂේප කර ඇත.

මාධ්‍ය අමතා විශේෂ ප‍්‍රකාශයක් කරන ඔහු දන්වා ඇත්තේ ශ‍්‍රී ලංකා යුද හමුදාව යනු වෘත්තීය විනය ගරුක හමුදාවක් බවයි. එබැවින් කිසිඳු නීත්‍යානුකූල නොවන කටයුත්තකට යුද හමුදාව සම්බන්ධ නොවන බවද දන්වා ඇත.

රටේ ජනතාව යුද හමුදාව පිළිගෙන ඇති බවත් ජනතාවගේත් රටේත් ආරක්ෂාව සැපයීම යුද හමුදාවේ ප‍්‍රමුඛ වගකීම බවත් දන්වන යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකා යුද හමුදාව, සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයාගේ නියෝග අනුව රටෙහි ව්‍යවස්ථාවට ගරු කරමින් කටයුතු කරන බවයි. එබැවින් සේනාධිනායකයාට හෝ ව්‍යවස්ථාවට කිසිඳු විටෙක එරෙහිව කටයුතු නොකරන බවද දන්වා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad