ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත්කරන ලෙස ඉල්ලා පෙත්සමක් ලබන අඟහරුවාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීමට නියමිතය.
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මරසිංහ මහතා සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 98 දෙනෙකු විසින් අත්සන් කරන ලද පෙත්සම පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි. මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් නිල හමුවක් ලබාදී නැත.
එහෙත් පාර්ලිමේන්තු සංකීර්ණයේ අගහරුවාදා පැවැත්වෙන කැබිනට් රැස්වීම සඳහා පැමිණෙන විට එය ජනාධිපතිවරයා වෙත භාරදීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසා ඇත. කලක් හමුදාපති ධුරයෙහි කටයුතු කළ සරත් ෆොන්සේකා මහතා නීතිය සහ සාමය අමාත්‍යවරයා ලෙස පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත ඉල්ලා සිටීමේ ව්‍යාපාරයේ කොටසක් ලෙසින් මෙම පෙත්සම බාර දෙනු ලැබේ.
පසුගිය ඔක්තෝබරයේ එක්සත් ජාතික පෙරමුණ රජය නෙරපා හරින ලද අවස්ථාවේ සිට ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යංශය යටතේ පොලිස් දෙපාර්තමේන්තුව පවත්වා ගෙන යයි.ව්‍යස්ථාවෙහි 19 වැනි සංශෝධනය ජනාධිපති විසින් පොලිස් දෙපාර්තමේන්තුවෙන් රඳවා තබා ගැනීම නීති විරෝධී බව එක්සත් ජාතික පෙරමුණ පවසන අතර එය නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය යටතට ගෙන ආ යුතු බව අවධාරණය කරයි.
ෆීෂල් මාර්ෂල් ෆොන්සේකා මහතා නීතිය හා සාමය ඇමති වශයෙන් පත් කිරීම හා නීතිය හා සාමය පිළිබඳ අමාත්යාංශය යටතේ පොලිස් දෙපාර්තමේන්තුව ගැසට් කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණ අවස්ථා ගණනක දී කළ ඉල්ලීම් බොහෝමයක් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Sunday, May 19, 2019

නීතිය හා සාමය ඇමති ලෙස SF: මන්ත්‍රීරීවරු 98ක් පෙත්සමට අත්සන් කරයි
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment