මාරවිල රෝහලේ ලොකු දොස්තර බැන්නා කියලා ගෝල දොස්තර නෝනා වේදනානාශක පෙති 34ක් බීලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 25, 2019

මාරවිල රෝහලේ ලොකු දොස්තර බැන්නා කියලා ගෝල දොස්තර නෝනා වේදනානාශක පෙති 34ක් බීලා

Loading...
මාරවිල මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු තම කණ්ඩායමේ පුහුණු වන නවක වෛද්‍යවරියකට බැණ වැදුණේ යැයි කියන සිද්ධියක් මත එම වෛද්‍යවරිය වේදනා නාශක පෙති 34ක් බීම හේතුවෙන් එම රෝහලේම වාට්ටුවකට ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇතැයි මාරවිල පොලිසිය කියයි.

 මාරවිල පොලිසියට 24 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ වෛද්‍යවරියගේ මව පැමිණිලි කරමින් පවසා ඇත්තේ, මෙම විශේෂඥ වෛද්‍යවරයා නිතර තම දියණියට දොස් පැවරීම නිසා ඇය සිත් තැවුලෙන් රාජකාරිය කළ බවත්, එම තත්ත්වය ඉවසීමට නොහැකිව 24 වැනිදා පස්වරුවේ වේදනා නාශක පෙති 34 ක් පානය කර ඇති බවත්ය.

 මේ පිළිබඳව මාරවිල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී නිර්මලා ලෝගනාදන් මහත්මියගේ විමසීමට උත්සාහ දැරූව ද, මෙම සතිය පුරාම ඇය නිවාඩු ලබා සිටියාය.

 පුත්තලම දිස්ති‍්‍රක් ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ දිනුෂා ප‍්‍රනාන්දු මහත්මියගෙන් විමසූ විට ඇය මෙසේ කීවාය. 

 මේ පුහුණු වන වෛද්‍යවරිය වේදනානාශක පෙති වගයක් බිව්වා කියලා දැන ගන්න ලැබුණා. විශේෂඥ වෛද්‍යවරයා යටතේ මෙම වෛද්‍යවරිය පුහුණුව ලබමින් මෑතක සිට මාරවිල රෝහලේ සේවය කරනවා. මේ වෛද්‍යවරිය රුසියාවේ හා පිලිපීනයේ වෛද්‍ය විද්‍යාව ඉගෙනගෙන තියෙන්නේ. මාරවිල රෝහලේ සමහර කටයුතු කරන්න ඇයට අමාරු නිසා රෝගීන්ට සිදුවන අවදානම සලකලා යම් අවස්ථාවල ජ්‍යෙෂ්ඨ දොස්තරලා ඉගෙන ගන්නා අයට තදින් කථා කරනවා. අවවාද කරනවා, කියලා දෙනවා. සමහර විට මේ තත්ත්වය ඇතැම් අයට දරා ගන්න අමාරු වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ වෛද්‍යවරිය ගැන වෛද්‍ය සභාවට දන්වලයි තියෙන්නේ. පෙති බීපු වෛද්‍යවරියගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් මම හොයලා බලලා කටයුතු කරනවා.

 වෛද්‍යවරියගේ තත්ත්වය එතරම්ම අසාධ්‍ය නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
-Lankasinhalnews

No comments:

Post a Comment

Post Bottom Ad