විමල්ලාගේ කැරලිකාර පිලේ රැස්වීමට පොහොට්ටුවේ දෙන්නෙකුත් ගිහින්! විනය පියවර ගන්න සාකච්ජා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 2, 2022

විමල්ලාගේ කැරලිකාර පිලේ රැස්වීමට පොහොට්ටුවේ දෙන්නෙකුත් ගිහින්! විනය පියවර ගන්න සාකච්ජා!

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් එක්ව ඊයේ පැවැත්වූ “මුළු රටම හරි මගට ජාතික ප්‍රකාශනය” එළිදැක්වීමේ වැඩසටහනට සහභාගී වූ සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා වන විදුර වික්‍රමනායක සහ ප්‍රේම්නාත් සී දොලේවත්ත සම්බන්ධයෙන් විනය කමිටුවේදී සාකච්ඡා කර ඉදිරි තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. 

එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසුවේ අදාළ වැඩසටහනට පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආරාධනා කර නොතිබුණු බවත්, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක් එය සංවිධාන කර තිබුණ ද එහිදී ප්‍රකාශ වූ ඇතැම් කරුණු අනුමත කළ නොහැකි බවත්ය.

ආණ්ඩුව විවේචනය කරමින් සිදුකළ එවැනි ප්‍රකාශවලට සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා දැක්වූ ප්‍රතිචාරය අනුව ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad