මරණ දඬුවම ලබා දීමේ නියෝගයට ජනාධිපති අත්සන් තබයි - විගස පුවත් - Vigasapuwath

Tuesday, June 25, 2019

මරණ දඬුවම ලබා දීමේ නියෝගයට ජනාධිපති අත්සන් තබයි


සිරකරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම ලබා දීමේ නියෝගයට තමා අත්සන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පවසනවා.  ජනාධිපතිතුමා කියා සිටියේ, ඒ සඳහා දිනය ද තීරණය කර ඇති බව යි.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග දැන් පැවැත්වෙන සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ සෝෆා සහ අමෙරිකානු හමුදාවට මෙරටට ගොඩබැසීමට හැකි ගිවිසුම්වලට තමන් සම්පූර්ණයෙන් විරුද්ධ බවයි

එමෙන්ම කැබිනට් මණ්ඩලයේදී ද තමන් මෙම ගිවිසුම්වලට විරුද්ධත්වය පළ කළ බව ඔහු සඳහන් කර සිටියේ.

තවද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බවත් ,

එසේ නොකළහොත් රටට ඉදිරියට යා නොහැකි බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශකර තිබෙනවා.

ජනමත විචාරණයක් පවත්වන බවට පළ වන වාර්තා සම්පූර්ණ අසත්‍යයක් බව කියා සිටි ජනාධිපතිතුමා ජනාධිපතිවරණයෙන් මාස දෙකක් තුළ මහ මැතිවරණයක් පවත්වනු ඇතැයි ද සඳහන් කර සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *