88-86දී 60,000 තරුණ සංහාරයට ජනාධිපති පේ‍්‍රමදාස වගකිව යුතු නෑ,ජවිපෙ ඇවිත් එජාප පාක්‍ෂිකයන් මරා දැම්මා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 23, 2019

88-86දී 60,000 තරුණ සංහාරයට ජනාධිපති පේ‍්‍රමදාස වගකිව යුතු නෑ,ජවිපෙ ඇවිත් එජාප පාක්‍ෂිකයන් මරා දැම්මා..

Loading...
1988-89 කාලයේ මෙරට සිදු වූ 65000 ක පමණ තරුණ සංහාරයට එවකට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා වගකිව යුතු නැති බව කැබිනට් නොවන ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.
එම කාලයේ දී එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම වාමාංශිකයන් ජනතා විමුක්ති පෙරමුණ විසින් මරා දැමූ බවද ඔහු පැවසීය.
ඊට ප‍්‍රතිචාර ලෙසද යම් ඝාතන ප‍්‍රමාණයක් සිදු වූ බවත් කී ඇමතිවරයා එකල පැවතියේ සිවිල් අරගලයක් බවත් සිවිල් යුද්ධයක් බවත් එය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් ක්‍රියාමාර්ග ගත් බවද සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනි සලකුන වැඩසටහන සමග එක්වෙමිනි.
නමුත් පසුගිය ආණ්ඩුව විසින් මාධ්‍යවේදීන් ඝාතනය කළ බවට ඔහු චෝදනා එල්ල කළේය.
රිචඩ්ද සොයිසා වැනි මාධ්‍යවේදීන් කවුරුන් විසින් ඝාතනය කලේදැයි තමන් නොදන්නා බවත් එකල තමන් පාසැල් සිසුවෙක් බවත් ඔහු එහිදී පැවසීය.
-Lankasinhalnews

No comments:

Post a Comment

Post Bottom Ad