කල්මුනේ සායිදුමරදු ප්‍රදේශයේ STF හා පිරිසක් අතර වෙඩි හුවමාරුවක් - එම ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් - Photos - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 26, 2019

කල්මුනේ සායිදුමරදු ප්‍රදේශයේ STF හා පිරිසක් අතර වෙඩි හුවමාරුවක් - එම ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් - Photos


කල්මුනේ සායිදුමරදු ප්‍රදේශයේදී පොලිසියේ, පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ ආරක්ෂක අංශ සාමාජිකයින් ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් වල නිරත භට පිරිස් සමග සමග යම්  කණ්ඩායමක් අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සඳහන් කලේ කල්මුණේ ජුම්මා මුස්ලිම් පල්ලිය ආසන්නයේදී පිපිරීම් ශබ්දයක් ඇසීම නිසා ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරත වෙමින් සිටි එම ප්‍රදේශයට වහා පැමිණි බවයි.

එම අවස්ථාවේදී පුද්ගලයින් 3-6ත් අතර පිරිසක ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් යුධ හමුදාව ඇතුළු ආරක්ෂා භට පිරිස් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි. මේ වන විටත් ආරක්ෂක අංශ සහ එම කණ්ඩායම අතර වෙඩි හුවමාරුවක් සිදුවෙමින් පවතින බව ඔහු සඳහන් කර සිටියා.

සමන්තුරේ ප්‍රදේශයේ යුධ හමුදාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අද (25) සවස සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය, ඩෙටනේටර්, යකඩ බෝල ලක්ෂයක්, සැකකටයුතු වෑන් රථයක්, ඉස්ලාමිය අන්තවාදීන්ට අයත් බව කියන ධජයක්, ඔවුන්ගේ නිළ ඇඳුම්, ඩ්‍රෝන් කැමරා ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගෙන ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කර සිටියා.











Photos by Neth fm











No comments:

Post a Comment

Post Bottom Ad