සජිත්-මංගල මගුල සතියෙන් කැඩෙයි.. ආර්යාවට දැඩි විරෝධය - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 16, 2019

සජිත්-මංගල මගුල සතියෙන් කැඩෙයි.. ආර්යාවට දැඩි විරෝධය

ජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සහ මුදල් ඇමති මංගල සමරවීර මහතා අතර මෑතකදී ඇති වූ දේශපාලන හිතවත්කම මේ වන විට දෙදරා ගොස් ඇති බව එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කර තිබේ. එම වාර්තාවේ දැක්වෙන්නේ මරණ දණ්ඩනය සම්බන්ධයෙන් දෙදෙනාගේ ස්ථාවරයන්හි පරස්පරතාවය මත මෙම තත්වය ඇතිව තිබෙන බවයි.

මුදල් ඇමති මංගල සමරවීර මහතා සඳහන් කර තිබුණේ තමන් මරණ දන්ණයට විරුද්ධ බවයි.

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන ලද්දේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තමන් පක්‍ෂ බවයි.

මේ අතර ජලනි පේ‍්‍රමදාස මහත්මිය විසින් තමන් අනාගත ජනාධිපති ආර්යාව ලෙස හදුන්වා ගැනීම ගැන සජිත් පිල තුලම දැඩි විරෝධයක් හටගෙන ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad