මුස්ලිම් ඇමතිවරු මේ සතියේ දිවුරුම් දෙන්නෙ නෑ - හිටපු ඇමැති කාසිම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 15, 2019

මුස්ලිම් ඇමතිවරු මේ සතියේ දිවුරුම් දෙන්නෙ නෑ - හිටපු ඇමැති කාසිම්

ල්ලා අස්වූ මුස්ලිම් ඇමැතිවරුන් යළි ඇමැති ධුර භාර ගැනීම මෙම සතිය තුළදීත් සිදු නොවනු ඇතැයි හිටපු නියෝජ්‍ය ඇමැති ෆයිසාල් කාසිම් මහතා කියයි.

එම ඇමැතිවරුන් යළි ඇමැති ධුර භාරගත යුතු යැයි තීරණය කළද, ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි කටයුතු ගැන සාකච්ඡුා කොට සියලූ දෙනාම අවසන් නිගමනයකට පැමිණිය යුතු බව හෙතෙම සඳහන් කළේය.
ඇමැති ධුරවලින් ඉල්ලා අස්වූ ආකාරයටම එම ධුර යළි භාරගන්නේ නම් එයද සාමූහිකව සිදුවිය යුතු බවද, එහෙත් ඒ කෙලෙස ද යන්න සම්බන්ධව තවදුරටත් සාකච්ඡුා කළ යුතු බවද ඒ මහතා කීය.

එලෙස සාකච්ඡුාවක් පැවැත්වීම සම්බන්ධයෙන් තවම දිනයක් යොදාගෙන නොමැති බවත්, කොළඹින් බැහැරව සිටින මැති ඇමැතිවරුන් ඉදිරි සතියේදී පාර්ලිමේන්තු රැස්වීම් සඳහා කොළඹ පැමිණි පසු ඒ සම්බන්ධයෙන් සාකච්ඡුා කරන බවත් ෆයිසාල් කාසීම් මහතා පැවසීය.

(දිවයින)


No comments:

Post a Comment

Post Bottom Ad