රොෂාන් රණසිංහ ගැරඩියෙක්.. මං ගැරඩි මරන්නේ නෑ - ජනපති සොයුරු ඩඩ්ලි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 15, 2019

රොෂාන් රණසිංහ ගැරඩියෙක්.. මං ගැරඩි මරන්නේ නෑ - ජනපති සොයුරු ඩඩ්ලි

මන් ගැරඬි මරන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදර ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා විසින් තමනට එල්ල කළ චෝදනාව සම්බන්ධයෙන් ආචාර දක්වමිනි.

උතුරුමැද පළාතේ මහ ඇමති ධූරය ලබාගැනීම වෙනුවෙන් රොෂාන් රණසිංහ මහතා මන්ත්‍රීවරයා මේ ආකාරයෙන් ප්‍රකාශයන් කරන බව ද ඔහු කියා සිටියේය.

රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා දේශපාලනයට ගෙන ආවේද තමන් විසින් බවත් ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ පොළොන්නරුවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඩඩ්ලි සිරිසේන මහතා විසින් තමන්ට මරණ තර්ජන එල්ල කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා විසින් එල්ල කරන ලද චෝදනාවට ප්‍රතිචාර දක්වමින් මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad