මරණ දණ්ඩනය වළකාලමින් පනතක් ගෙනාවොත් එදින ශෝක දිනයක් කරනවා - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 14, 2019

මරණ දණ්ඩනය වළකාලමින් පනතක් ගෙනාවොත් එදින ශෝක දිනයක් කරනවා



ඉදිරි දිනයකදී පාර්ලිමේන්තුවට මරණ දණ්ඩනය වළකාලමින් පනතක් ගෙන ඒමට සූදානමක් ඇති බවත් පනත ගෙන ආවොත් එදිනට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද වලව කලාපයේ මහවැලි ගොවීන්ට ඉඩම් අවසර පත්‍ර ලබාදීමේ වැඩසටහනට එක්වෙමිනි.

වලව කලාපයේ මහවැලි ගොවීන් පන්දහසකට ඉඩම් අවසරපත්‍ර පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද වලව කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.

සැමට මහවැලි බිමේ උරුමය පිරිනමමින් සෑම මහවැලි ජනපදිකයෙකුටම ඉඩම් අයිතිය ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මකයි.

No comments:

Post a Comment

Post Bottom Ad