මහින්ද රාජපක්‍ෂ මහතා ඒ බව පැවසුවේ ශ්‍යාමෝපාලී වනවාස මහා නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික කර්මාචාර්ය ශ්‍රී පාල බෝධි රාජ විවේක සේනාධිපති පූජ්‍ය කළු බෝවිටියන විමලරත්න නාහිමියන්ට දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ධූරයට පත්වීමට අදාල අක්තපත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.
මෙම උත්සවය ගාල්ල, බෝපේ, පෝද්දල පොහොම් නාදෙණිය ශ්‍රී පාල බෝධිරාජ විවේක සේනාසන විහාරයේදී පැවැත්විණි.
තවදුරටත් අදහස් දැක්වූ ගරු විපක්‍ෂ නායකවරයා,
‘මෙම පාලකයන් ගරුතර මහා සංඝරත්නයට අපහාස උපහාස කිරීමෙන් නොනැවතී අනෙකුත් ආගමික නායකයින්ටත් අපහාස කිරීමට පෙළඹිලා. මොවුන් භික්‍ෂූන් වහන්සේලාට ආගමික නායකයින්ට අපහාස කරන්නේ ජනතාව උසිගැන්වීමටයි. මෙවැනි තත්වයකට රට පත්ව ඇති වෙලාවක ජනාධිපති හා අගමැති එවැනි ප්‍රකාශ කරන මැති ඇමතිවරුන්ට විරුද්ධව කටයුතු කළ යුතුයි.
ඔවුන්ට ජනතාවගෙන් සමාව ගැනීමට පැවසිය යුතුයි. අපේ රට බෞද්ධ රටක් නොවෙයි කියන නායකයින් මෙහේ ඉන්නේ”
රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්
No comments:
Post a Comment