chameera perera - විගස පුවත් - Vigasapuwath

Saturday, July 13, 2019

chameera perera

ජාතික මහ සභාවේ හැටන් කලාපයේ පළමු කාන්තා සම්මේලනය ජලනි අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද වන ජලනි ප්‍රේමදාස මහත්මියගේ ප්‍රධානත්වයෙන් (13) හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේදි පැවැත්වුණා.

ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාව වෙත පැමිණි ජලනි ප්‍රේමදාස මහත්මියව වතුකරයේ තරුණියන් විසින් පිලිගනු ලැබුනි.

මෙම සමුළුවේදි වතු ක්ෂේත්‍රෙය් කාන්තාවන්ගේ ජිවන තත්ත්ව ,අදායම් තත්ත්වය , වතු කම්කරුවන්ගේ පෝෂණ තත්ත්වය සහ අධ්‍යාපන තත්ත්වය පිලිබදව විග්‍රහ කරනු ලැබුනි.
ජාතික මහ සභාවේ දි අදහස් දැක් වු ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා කියා සිටියේ ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණය තිරාණාත්මක ජනාධිපතිවරණයක් බවත්, එම මැතිවරණයේදි රාජපක්ෂ පවුල කර ගහගෙන යාමට මේ රටේ ජනතාව කිසිසේත් කටයුතු නොකරන බවයි .

සම්ප්‍රදායික දේශාපලන පක්ෂ වල නායකයන්ගෙන් මිදි පොදු ජනතාවගේ දුක හදුනන පොදු ජනතාව ඉල්ලන පොදු ජන නායකයෙකු මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් කල යුතු බව චමිර පෙරේරා මහාතා පැවසීය.

ජාතික මහ සභාවේ කාන්තා සම්මේලනයේදි අදහස් දැක් වු ජලනි ප්‍රේමදාස මහත්මිය කියා සිටියේ මේ රටේ සමස්ත පොදු ජනතාව වෙනුවෙන් කටයුතු කරන අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද වශයෙන් එතුමාගේ දර්ශනය මත ගමන් කරමින් තමන්ද මේ රටේ පොදු ජනතාවට වැඩ කිරිමට කැප වි කටයුතු කරන බවයි.

සම්මේලනයේදි වතු කම්කරු කාන්තාවන් ඉදිරිපත් කල ගැටළු සම්බන්ධයෙන් හැකිතාක් දුරට කඩිනම් විසදුම් ලබා දිමට කටයුතු කරන බව ජලනි ප්‍රේමදාස මහත්මිය කියා සිටියාය.

– හැටන් රංජිත් රාජපක්ෂ


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *