රනිල්ට බහුතරය අහිමි වේ.. කෘත්‍යාධිකාරිය හා මන්ත‍්‍රී කණ්ඩායම වහා කැදවන්නැයි ලිඛිතව ඉල්ලති… රහස් ඡන්දයකින් ජනාධිපති අපේක්‍ෂක තෝරයි.. සජිත් උගුලකද? - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 15, 2019

රනිල්ට බහුතරය අහිමි වේ.. කෘත්‍යාධිකාරිය හා මන්ත‍්‍රී කණ්ඩායම වහා කැදවන්නැයි ලිඛිතව ඉල්ලති… රහස් ඡන්දයකින් ජනාධිපති අපේක්‍ෂක තෝරයි.. සජිත් උගුලකද?

දිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුරුන්දැයි දින හතක් ඇතුළත තීරණය කළ යුතු බවට එම පක්ෂය මැති ඇමතිවරුන් පිරිසක් විසින් ලිඛිත ඉල්ලීමක් කිරීමට නියමිතව තිබේ.

දින 7 ක කාලයක් ඇතුලත පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවක් පවත්වා අපේක්ෂකයා තෝරා ගත යුතු යයි මෙම ලිපියේ සඳහන් බව නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ලිපිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අද දිනයේ භාර දෙන බවද ඔහු සඳහන් කළේය.

ඊයේ රාත්‍රී වන විට මෙම ලිපියට එජාප මැතිඇමැතිවරුන් 52 දෙනෙක් අත්සන් තබා තිබූ බවද ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ සිටින්නේ 82ක් පමණි.

ඒ අනුව එම රැස්වීමේදී ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට රහස් ඡන්දයක් පැවැත්වීමට වැඩි ඉඩකඩක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග කියා සිටී.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය වෙනස් කිරීම සදහා මෙමගින් යෝජනා කර නැති අතර පක්‍ෂ ව්‍යවස්ථාව අනුව ඒ සදහා වෙනම ක‍්‍රමවේදයක් ඇත.

ඒ අනුව සජිත් පේ‍්‍රමදාස මහතාට රහස් ඡන්දයෙන් දිනා ගත අවස්ථාවක් ඇත්තේ ජනාධිපති අපේක්‍ෂකත්වය පමණි.


No comments:

Post a Comment

Post Bottom Ad