බෞද්ධ ඉතිහාසය වෙනස් කරමින් අමරපුර සහ රාමඤ්ඤ නිකායන් අද සමගි සම්මුතියකට - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 15, 2019

බෞද්ධ ඉතිහාසය වෙනස් කරමින් අමරපුර සහ රාමඤ්ඤ නිකායන් අද සමගි සම්මුතියකට

බෞද්ධ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංඝ නිකායන් 02 ක් අද (16) සමගි සම්මුතියකට එලඹෙනවා.

ඒ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායයි.

ශ්‍රී  ලංකා අමරපුර මහා නිකාය වෙනුවෙන් එහි උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වෙනුවෙන් එහි මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් ද මීට අදාළ ව්‍යවස්ථාවට අත්සන් තැබිමට නියමිතව තිබෙනවා. මේ, මෙම නව සමගි සම්මුතියේ අරමුණු පිළිබඳ පැහැදිළි කරන ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මාදම්පාගම අස්සජි හිමියන්.


මෙම නව සමගි සම්මුතිය නිසා ශාසනික මෙහෙවර වඩා ශක්තිමත්ව සිදු කිරීමට භික්ෂූන් වහන්සේට හැකි වන බව ද මෙහිදී පැහැදිළි කෙරුණා.


ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය අතර මෙම නව සමගි සම්මුතියට අත්සන් තැබීම අද දහවල් 02 යි 30 ට කොළඹ පදනම් ආයතනයේදී සිදුවන බව ද මෙහිදී සිහිපත් කෙරුණා.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මෙලෙස සමගි සම්මුතියට එළඹීම සමස්ත සමාජය තුළ සාමය හා සංහිඳියාව ඇති කිරීම සඳහාත්, බෞද්ධ පුනරුදයේ නව ගමනක ඇරඹුම සඳහාත් පිටුබලයක් වන බවයි.

මෙම නිකායන් දෙකේම භික්ෂූන් වහන්සේ ථේරවාදී ශාසන සම්ප්‍රදාය ආරක්ෂා කර ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රශංසාත්මක දායකත්වයක් ලබා දුන් බව ද අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් සිහිපත් කර තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad