'ගෝඨාභයට සිංහල බෞද්ධ කඳවුරේ ඡන්දවලින් විශාල ප‍්‍රමාණයක් ඇදිලා යනවා,සිංහල ඡන්ද ගන්න අතරේ දෙමළ-මුස්ලිම් ඡන්දවලින් විශාල ප‍්‍රතිශතයක් ගන්න කෙනා තමයි මේ පාර දිනන්නෙ.'-අගමැති රනිල්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 11, 2019

'ගෝඨාභයට සිංහල බෞද්ධ කඳවුරේ ඡන්දවලින් විශාල ප‍්‍රමාණයක් ඇදිලා යනවා,සිංහල ඡන්ද ගන්න අතරේ දෙමළ-මුස්ලිම් ඡන්දවලින් විශාල ප‍්‍රතිශතයක් ගන්න කෙනා තමයි මේ පාර දිනන්නෙ.'-අගමැති රනිල්.

Loading...
එජාප ජනපති වෙන්න,රනිල් - සජිත් සාකච්ඡුාවක!
ඒ අනුවම පසුගිය සති අන්තයේ අගමැති රනිල් වික‍්‍රමසිංහත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමත් කීප වරක්ම හමුවී මේ ගැන කතාබහ කළහ. ඊට අමතරව නායක රනිලූත් නියෝජ්‍ය නායක සජිතුත් පමණක් සහභාගි වූ විශේෂ රැස්වීමක් ද පැවැත්විණි.

නියෝජ්‍ය නායක සජිත් තම නායකයා සමඟ සාකච්ඡුා කරන්නට උත්සාහ කළේ සන්ධානය තැනීම පිළිබඳ ප‍්‍රශ්නය නොව. මේ වෙලාවේ එජාපයට මුහුණදීමට ඇති ලොකුම ගැටලූව වන එජාපයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ ගැටලූව ගැනය...

"අපි කෙලින්ම මාතෘකාවට බැහැලා කතා කරමු නායකතුමා... මගේ අදහසක් තියෙනවා මේ පාර ජනාධිපතිවරණයට පක්ෂයෙන් ඉදිරිපත් වෙන්න....

ඔව්... ඒ අදහස් තියෙන අය කීපදෙනෙක්ම පක්ෂයේ ඉන්නවා... මගේත් අදහසක් තියෙනවා ඉදිරිපත් වෙන්න.... රනිල් දුන්නෙ සජිත් නොසිතූ විරූ උත්තරයකි.

”මට මේ වෙලාවේ පක්ෂය ඇතුළේ අපේ ක‍්‍රියාකාරී නායකයින්ගෙන්. පාක්ෂිකයන්ගෙන් ලොකු ඉල්ලීමක් තියෙනවා ඉදිරිපත් වෙන්න කියලා....

ඒ ඉල්ලීම මටත් ඒ විදියටම තියෙනවා... රනිල් කීවේය... 

අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න පක්ෂවල ඉල්ලූමකුත් තියෙනවා... 

සහෝදර පක්ෂ තමයි මටත් යෝජනා කරන්නේ මේ පාර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා... රනිල් කීවේය... 

සර්... මේ වෙලාවෙ මට පස්ස ගහන්න බෑ.

මටත් මේ වෙලාවේ පස්සට යන්න බෑ...

මේ විදියට මේ සාකච්ඡුාව අපි දෙන්නට ඉදිරියට 

ගෙනයන්න බැහැ වගේ... එහෙනම් මම යන්නම්... සජිත් එසේ කියද්දී මදක් කල්පනාකාරී වූ අගමැති රනිල් ඔහුට නැවත කතා කළේය.

”සජිත් මේක හොඳට හිතට ගන්න.... ඔයා අනාගතයක් තියෙන තරුණ නායකයෙක්. ඔයාට තවමත් ඉදිරියට කාලය තියෙනවා... ඔයා නිකං බොරුවට කලබල වෙලා ඔයාගේ අනාගතය අඳුරු කරගන්න එපා. ඔයා හිතන විදියටම මේ ගැන හිතෙන තවත් අය අපේ පක්ෂයේ ඉන්නවා. කරු ජයසූරිය හිතනවා ඔක්කොටම වඩා එයාට දිනන්න පුළුවන් කියලා. ලක්ෂ්මන් කිරිඇල්ලත් එහෙම හිතනවා. ෆොන්සේකාත් එහෙම හිතනවා. එහෙම හිතන එකේ වරදක් නෑ. හැබැයි මෙතන ප‍්‍රශ්නයක් තියෙනවා. ඔයාගේ ඡන්ද බේස් එක වෙන්නේ මේ රටේ සිංහල බෞද්ධ ජනතාව. කරු ජයසූරියගේ බේස් එකත් ඒකමයි. හැබැයි මේ ඡන්දෙදි ඒ බේස් එක අපට වැඩ කරන්නේ නෑ. අර මොකද අපට වඩාත් ශක්තිමත් නායකයෙක් මේ පාර ඒ බේස් එක වෙනුවෙන් වැඩ කරනවා. ඒගොල්ලන්ට සිංහල බෞද්ධ කඳවුරේ ඡන්දවලින් විශාල ප‍්‍රමාණයක් ඇදිලා යනවා. මේ පාර අපට ශක්තියක් වෙන්නේ සුළු ජාතික ඡුන්ද. කවුරුත් දන්නවා මේ රටේ දෙමළ මුස්ලිම් සුළු ජාතිකයන්ගේ ජනකොටස් ඉන්නේ මාත් එක්ක බව. සිංහල ඡන්ද ගන්න අතරේ දෙමළ-මුස්ලිම් ඡන්දවලින් විශාල ප‍්‍රතිශතයක් ගන්න කෙනා තමයි මේ පාර දිනන්නෙ. ඒකට ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් මට බලවතුන්ගේ ආධාර උපකාර තියනවා. පක්ෂය ගැන හිතනවා නම්. රට ගැන හිතනවා නම්. අපේ දේශපාලන අනාගතය ගැන හිතනවා නම් ඔයා මේ වෙලාවේ ඒකට විරුද්ධ නොවී මට උදව් කරන්න. එතකොට තමයි ඔයාගේ දේශපාලන අනාගතයත් සුරක්ෂිත වෙන්නේ... 

කෙසේ වෙතත් මෙම සාකච්ඡුාව නිම වී සජිත් ආපසු ගොස් ඇත්තේ එතරම් හිත සතුටකින් නොවේ.
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad