මගේ සහෝදරයා දැන් ඔබේ සහෝදරයා වී අවසන් - මහින්ද රාජපක්‍ෂ. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 11, 2019

මගේ සහෝදරයා දැන් ඔබේ සහෝදරයා වී අවසන් - මහින්ද රාජපක්‍ෂ.

Loading...
* මගේ සහෝදරයා දැන් ඔබේ සහෝදරයා වී අවසන් - මහින්ද රාජපක්‍ෂ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමුළුවේදී කියයි

ඉදිරි ජනාධිපතිවරණයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) ජනාධිපති අපේක්‍ෂකයා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව විපක්‍ෂ නායක සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (11 වැනිදා) ප‍්‍රකාශයට පත් කළේය.

 කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී ඊයේ (11 වැනිදා) සවස පැවැති එම පෙරමුණ පළමු ජාතික මහා සමුළුවේදී හෙතෙම මේ බැව් සඳහන් කළේය.

 පස්වරු 3.00 ට ආරම්භ වූ මෙම සමුළුවට පක්‍ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ, ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂවල නායකයන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ඩග්ලස් දේවානන්දා, චමල් රාජපක්‍ෂ, ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලූත්ගමගේ, සී. බී. රත්නායක, සුසිල් පේ‍්‍රමජයන්ත, අනුර පි‍්‍රයදර්ශන යාපා, එස්. එම්. චන්ද්‍රසේන, ඩිලාන් පෙරේරා පවිත‍්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සියලූදෙනා සහභාගි වූහ.

 මෙයට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ආචාර්ය සරත් අමුණුගම, එස්. බී. දිසානායක, ටී. බී. ඒකනායක, එක්සත් ජාතික පක්‍ෂයෙන් විපක්‍ෂයට පැමිණි දුනේෂ් ගන්කන්ද, එස්. බී. නාවින්න, ආනන්ද අලූත්ගමගේ, කොමියුනිස්ට් පක්‍ෂයේ ලේකම් ඩිව් ගුණසේකර, ලංකා සමසමාජ පක්‍ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන් ඇතුළු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය ලබාදෙන පක්‍ෂවල නායකයන් පළාත් සභා හිටපු මැති ඇමැතිවරු පළාත් පාලන ආයතන සභාපතිවරු ඇතුළු මහජන නියෝජිතයන් විශාල පිරිසක් එක්ව සිටියහ.
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad