මාදම්පිටිය කනත්ත අසල දී සිදුවු ඝාතනයට අදාළව සැකපිට පුද්ගලයින් තිදෙනෙක් අද(16) අළුයම පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර, අජා නොහොත් කුඩු රොෂාන්ගේ බාල සහෝදරයා ද සිටින බවටයි අනාවරණය වුණේ.
පසුව ඔවුන්ව වැඩිදුර පරීක්ෂණ සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත බාර දී ඇත.
කතන්ත අසලදී ඊයේ(15) සවස 4ට පමණ මෙම සිදුවු අතර, එහිදී පුද්ගලයින් දෙදෙනෙකු පහර දී කපා කොටා ඝාතනය කර තිබිණි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මෙම ඝාතනය සඳහා පැමිණි පුද්ගලයින්ගේ බවට සැකකරන ත්‍රීරෝද රථයක් මාදම්පිටිය කනත්ත තුළ තිබී සොයා ගෙන ඇත.
පසුව සිදු කල විමර්ශනවලදී ත්‍රීරෝද රථය මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි දැනට බන්ධනාගාර ගතව සිටින ඩබ්.ඒ.නිරෝෂනී නැමැති කුඩු රෝෂාන් නැමැත්තාගේ බිරිඳගේ බවට අනාවරණය වී තිබේ.
ඒ අනුව මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවස පරීකෂා කිරීමේ දී කඩු දෙකක් සොයා ගෙන ඇත.
තවදුරටත් නිවස අවට පරීක්ෂා කිරීමේ දී සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 19 ක් වු මට්ටක්කුලිය ලිපිනයේ පදිංචි මොහොමඩ් රම්ලාන්, වයස අවුරුදු 18 ක් වු එම ප්‍රදේශයේ පදිංචි සුදෙස් අසංක නැමැත්තෙකි.
එමෙන්ම වයස අවුරුදු 34 ක් වු කැලණිය ප්‍රදේශයේ පදිංචි කෝලිත ද සිල්වා යන සැකකරු අජා නොහොත් කුඩු රොෂාන්ගේ බාල සහෝදරයා බවට ද අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මට්ටක්කුලිය පොලිස් බාරයේ සිටින අතර, ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
No comments:
Post a Comment