ඒ එක්සත් ජනපද පුරවැසිභාවය අහෝසි කෙරුණු පුද්ගලයන්ගේ නම් දැක්වෙන ඇමරිකානු රජය විසින් අන්තර්ජාලයේ පළ කරන ලද දෙවැනි කාර්තුවේ නාම ලේඛනය තුළත් ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත් නොවීම හේතුවෙන්ය.
මාර්තු 01 වෙනිදා සිට ජුනි 30 වෙනිදා දක්වා කාලය තුළ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කෙරුණු පුද්ගලයන්ගේ නාම ලේඛනය බදාදා (අගෝස්තු 14) ප්‍රකාශයට පත් විය.
මින් පෙර නිකුත් කළ 2019 පළමු කාර්තුවේ නාම ලේඛනයේ ද ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත් නොවිණි.
කෙසේ වුවත් සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත් බව සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ විසින් ඒ බව දැක්වෙන ලියවිල්ලක් පසුගියදා අගෝස්තු 01 වෙනිදා ප්‍රසිද්ධියට පත් කළේය.
එහි සඳහන් වුයේ අප්‍රේල් 17 වෙනිදා කළ ඉල්ලීමකට අනුව මැයි 03 වෙනිදා පුරවැසිභාවය ඉවත් කර ඇති බවකි.
මේ අතර ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරන පුද්ගලයන්ගේ නම් දැක්වෙන ඇමරිකානු රජයේ දෙවැනි කාර්තුවේ නාම ලේඛනයට ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත් නොවීම ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා බාධාවක් වනු ඇතැයි පවසමින් සමාජ ජාල ඔස්සේ අදහස් පළ වී තිබේ.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍ය හර්ෂ ද සිල්වා ප්‍රශ්න කර තිබුණේ “ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරන පුද්ගලයන්ගේ නම් දැක්වෙන ඇමරිකානු රජයේ දෙවැනි කාර්තුවේ නාම ලේඛනය තුළ ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් නොවන විට ඔහුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා දුන්නේ කෙසේද?” යනුවෙනි.
ගෝඨාභය රාජපක්ෂ පසුගිය මැයි මාසයේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගෙන තිබු අතර එහි ද්විත්ව පුරවැසි මුද්‍රාවක් නොමැති වීම තමා දැන් ශ්‍රී ලාංකික පුරවැසියකු බවට සහතිකයක් යැයි මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණ.
පුරවැසිභාවය ගැන ගැටළු තිබියදී ඔහුට මේ ආකාරයට ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබාදීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් පොලිස් පැමිණිල්ලක්ද යොමුකර තිබේ.
අමාත්‍ය හර්ෂ ද සිල්වා වෙත ප්‍රතිචාර දක්වමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නිකුත් කළ ට්විටර් පනිවුඩයක දැක්වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ගැන වද නොවන ලෙසය. ගැටලුව ඇත්තේ ඔහුගේ ලියකියවිලි නම් එය ඉදිරිපත් කළ හැකි බවත් නාමල් රාජපක්ෂ සිය පණිවුඩයේ සඳහන් කර තිබිණි.
පසුව හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩය ඉවත්කරගෙන තිබිණි.
ගෝඨාභය රාජපක්ෂගේ “ඇමරිකානු පුරවැසිභාවය” මුල් කර ගනිමින් පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවය කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයෙන් කරුණු විමසු අතර එහි ප්‍රකාශිකාවක් පැවසුවේ පුරවැසිභාවය වැනි පුද්ගලික කරුණු ගැන තානාපති කාර්යාලය අදහස් පළ නොකරන බවය.
අදාළ නම ලේඛනයේ සඳහන් සහ සඳහන් නොවන නම් සම්බන්ධයෙන් තානාපති කාර්යාලයට අදහසක් ප්‍රකාශ කළ නොහැකි බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.
පවතින නෛතික තත්ත්වය යටතේ ද්විත්ව පුරවැසියකුට මැතිවරණයකදී නාම යෝජනා දීම ප්‍රතික්ෂේප කිරීම හෝ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් නාමයෝජනාවලදී විරෝධතා පරීක්ෂා කිරීමේ හැකියාවක් මැතිවරණ කොමිසමට නොමැත.
මැතිවරණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසන පරිදි යම් අපේක්ෂකයෙකුගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ගැටළුවක් ඇතිනම් ඒ ගැන අධිකරණයේ සහය පැතිය හැක.
– BBC

No comments:
Post a Comment