ගත වු මාස 11 ක කාලය තුළ අලි මරණ 350ක් - අලි නිසා පුද්ගල මරණ 103 ක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 10, 2019

ගත වු මාස 11 ක කාලය තුළ අලි මරණ 350ක් - අලි නිසා පුද්ගල මරණ 103 ක්


  ගත වු මාස 11 ක කාලය තුළ විවිධ සිද්ධීන් හේතුවෙන් වන අලි මරණ 350ක් වාර්තා වී ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ ප්‍රචාරක නිලධාරී හෂිනි සරත්චන්ද්‍ර මහත්මිය සදහන් කළේ මෙය පසුගිය වසරට සාපේක්ෂව  ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය වසරේ වන අලි මරණ වාර්ථා වුයේ 319ක් පමණයි.

අලි මිනිස් ගැටුම්, ස්වභාවික මරණ, විෂ ශරීරගතවීම් සහ දුම්රිය අනතුරු හේතුවෙන් මෙම මරණ වාර්තා වී ඇති බවයි එම නිලධාරිනිය වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර වන අලි පහරදීම් හේතුවෙන් මේ වසර තුළ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ද ඉහල ගොස් ඇති බව වනජීවි දෙපාර්තමේන්තුවේ ප්‍රචාරක නිලධාරීනිය සඳහන් කළා.

පසුගිය වසරේ පුද්ගලයින් 92 දෙනෙකු වනඅලි ප්‍රහාරවලට ලක්ව මියගොස් තිබූ අතර මෙම වසරේ එම මරණ සංඛ්‍යාව 103 ක් ලෙස වාර්තා වන බවයි හෂිනි සරත්චන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad