සොයිසාගේ මන්ත‍්‍රීකම එජාපයට යයි.. වරුණ ලියනගේ පත් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 10, 2019

සොයිසාගේ මන්ත‍්‍රීකම එජාපයට යයි.. වරුණ ලියනගේ පත් කරයි

ක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පසු පුරප්පාඩුව පවතින එම දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූරය සඳහා දැනට එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කරන වරුණ ලියනගේ මහතා පත් කිරීමට මැතිවරණ කොමිසම විසින් තීරණය කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 2015 මහ මැතිවරණයෙන් මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින අපේක්ෂකයා වන්නේ වරුණ ලියනගේ මහතා නිසා මෙම තීන්දුව ගෙන ඇත.

වරුණ ලියනගේ මහතා එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමෙන් පසු මේ වන විට ආසන එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලෙසද කටයුතු කරමින් සිටී.

වරුණ ලියනගේ මහතා නම් කර එවන ලෙස මේ වන විටත් මැතිවරණ කොමිසම විසින් දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරියාට දන්වා තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad