බලය බෙදා හැරීම සහ ෆෙඩරල් පාලනයක් යන කරුණු ගැන කතා කිරීමෙන් වැඩක් නැති බව ද එවැනි දේ ඉටු වන්නේ නැතැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (16 දා) දහවල් කියා සිටියේය.
බහුතරයේ කැමැත්තක් නැතිව මෙවැනි දේ සිදුකළ නොහැකි බව පැවසූ ඒ මහතා බලය බෙදා හැරීම සහ ෆෙඩරල් පාලනය ලබා ගන්නා බව පවසමින් ජනතාව රැුවටීමට දේශපාලනඥයන් කි‍්‍රයා කරන බව පැවසීය.
පසුගිය කාලය තුළ බලය බෙදා හැරීම සහ ෆෙඩරල් පාලනය ගැන හඬ නැඟුණු අතර රටේ බහුතරය ඊට කැමැති නැති බව තේරුම් ගත යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඇමරිකානු එම්. සී. සී ගිවිසුම ගැන අධ්‍යයනය කිරීමට කමිටුවක් පත් කරන බවත් එම කමිටුවෙන් එම ගිවිසුමේ වාසි හා ශී‍්‍ර ලංකාවට අයහපත් දේ සිදු වන්නේ ද යන්න ගැන අධ්‍යයනය කර තමාට වාර්තා කරන බවත් ජනපතිවරයා කීවේය. මේ කමිටුව තවම පත් කර නැති බව ද හෙතෙම පැවසීය.
එසේම ජනවාරි 15 දායින් පසු දුප්පතුන්ට රැුකියා ලබා දීමේ වැඩපිළිවෙළ සහ සහන මල්ල ලබා දීම ද ආරම්භ කරන බව පැවසූ රාජපක්ෂ මහතා එම වැඩපිළිවෙළ සිවිල් ආරක්ෂක බළකායට සමාන කි‍්‍රයාදාමයක් බව ද කීවේය.
බි‍්‍රතාන්‍යයේ අයි. සී. සී. රූපවාහිනියේ නියෝජිතයා අතුරුදන් වීම ගැන නැගූ ප‍්‍රශ්නයකට ප‍්‍රතිචාර දැක්වූ රාජපක්ෂ මහතා අතුරුදන් වූවන් යනු සටන් බිමට ගොස් ආපසු නොපැමිණි පිරිස බවත් අපේ සෙබළුන් 6000 ක් ද අතුරුදන් වී ඇති බවත් කියා සිටියේය.
මේ අතුරුදන් වූවන්ගේ ප‍්‍රශ්නය දේශපාලනීකරණ කරලා. අතුරුදන් වූවන් ආපසු ලබා ගන්නේ කොහොමද? මුහාමලේ සටනේදී අපේ සෙබළුන් රැුසක් මිය ගියා. ඔවුන්ගේ සිරුරු ලබා ගැනීමට නොහැකි වුණා. පසුව රතුකුරුසය අපට සිරුරු කීපයක් භාර දීමට ගෙනාවා. එම සිරුරු කොටින්ගේ ද නැත්නම් කාගේද කියා අපට හඳුනා ගැනීමට බැරි වුණා. ඒ නිසා අපි එම සිරුරු භාර ගත්තේ නැහැ යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
පසුගිය සිදුවීම් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නේදැයි නැගූ ප‍්‍රශ්නයකට කරුණු දැක්වූ ජනාධිපතිවරයා දේශපාලකයන් කරන බොරු ප‍්‍රකාශ ගැන ජනතාව විශ්වාස කරන්නේ නැති බවත් තවත් එවැනි බොරු කීපයක් පැවසුවා නම් තමාට ලැබෙන ඡුන්ද ප‍්‍රමාණය වැඩි වන බවත් කීවේය.
එසේම මාධ්‍ය නිදහස තමා ආරක්ෂා කරන බව පැවසූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා රජයේ වැරදි ඇත්නම් පෙන්වා දෙන ලෙස තමා ඉල්ලා සිටින බව ද පැවසීය.
අඩු කළ වැට් බදු පිළිබඳව ද ප‍්‍රතිචාර දැක්වූ ඒ මහතා ඇතැම් සමාගම් භාණ්ඩවල මිල අඩු කර නැති බව තමාට වාර්තා වූ බවත් කීවේය.
වැට් බදු අඩු කිරීම නිසා සිමෙන්ති මිල අඩු විය යුතුව ඇති අතර ඒ ගැන තමාට පැමිණිලි ලැබුණ බව ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
කීර්ති වර්ණකුලසූරිය - දිවයින පුවත්පත.
Monday, December 16, 2019
'ජනවාරි 15 න් පසු දුප්පතුන්ට රැකියා දීම හා සහන මල්ල ලබා දීම ආරම්භ කරනවා '- ජනපති
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment