තමුන්ට එක්සත් ජාතික පක්ෂයේ නායක කම, විපක්ෂනායක කම හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය වත් වුවමනා නැති බව එක්සත් ජාතික පක්ෂයේ පරාජිත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර තිබේ.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ගිය එම පක්ෂයේ ප්‍රබලයෙකු වන පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ඇතුළු පිරිසක් සමග අදහස් පල කරමිනි.
පසුගිය ජනාධිපතිවරණයේදී තමන් මිලියන දෙසිය හැට ගණනක් ණය වූ බවත් එය ගෙවා ගත නොහැකිව මේ දිනවල දුරකථනය විසන්ධි කරගෙන සිටින බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ යයි උන්වහන්සේ පැවසූහ.
එසේ සිටින තමන්ට එජාප මන්ත්‍රී පිරිසක් පැමිණ නැවත කරදර කරන බවද සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇති අතර ඔවුන් හමුවී මෙම කරදරය නවතා දෙන ලෙස තමන් වහන්සේගෙන් ඉල්ලා සිටි බවද උන්වහන්සේ සඳහන් කළහ.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.
Monday, December 16, 2019
Home
ප්රවෘත්ති
එජාප නායකකමත්, විපක්‍ෂ නායකකමත්, මන්ත‍්‍රීකමත් මට එපා.. මට පාඩුවෙ ඉන්න දීපල්ලා..- සජිත් පිලට සජිත් බැන වදී
එජාප නායකකමත්, විපක්‍ෂ නායකකමත්, මන්ත‍්‍රීකමත් මට එපා.. මට පාඩුවෙ ඉන්න දීපල්ලා..- සජිත් පිලට සජිත් බැන වදී
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment