සජිත්ට නායක්තවය දුන්නොත් රනිල් සමග එජාප ප‍්‍රබලයන් 15ක් දේශපාලනයෙන් සමු ගැනීමේ තීරණයක - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 8, 2019

සජිත්ට නායක්තවය දුන්නොත් රනිල් සමග එජාප ප‍්‍රබලයන් 15ක් දේශපාලනයෙන් සමු ගැනීමේ තීරණයක

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වුවහොත් ඒ සමගම තවත් මැති මන්ත්‍රීවරුන් 10-15 අතර ප්‍රමාණයක් දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටත් කටයුතු කිරීමට නොහැකි යැයි පවසන මෙම පිරිස සිය තීරණයන් දැනටමත් වික‍්‍රමසිංහ මහතාට දන්වා ඇතැයිද දැනගන්නට ඇත.

ඉන් වැඩි දෙනෙක් සඳහන් කර ඇත්තේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු මැතිවරණයට තරග නොකරන බවත් ඉන්පසු තම ව්‍යාපාර කටයුතු හෝ වෘත්තීයමය කටයුතුවල යෙදෙන බවය.

මෙම පිරිසෙන් බහුතරයක් එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන අතර තවත් කිහිප දෙනෙක් ඉහල තනතුරු දරන අයයි.

No comments:

Post a Comment

Post Bottom Ad