එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදෙන්නේ නම් පක්ෂයෙන් ඉවත් නොවී ඒ මහතාගේ නායකත්වයෙන් යුත් වෙනම සන්ධානයකින් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට සූදානම්වන බව වාර්තා වේ.
මෙම සන්ධානය සඳහා පක්ෂයේ පසුපෙළ හා ඉදිරිපෙළ නියෝජනය කරන සජිත් හිතවාදී මන්ත්‍රීන් කිහිපදෙනෙකු හා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ යන පක්ෂ දෙකද එක්කර ගනිමින් තරගවැදීමට සූදානම්වන බව පැවසේ.
දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන එ.ජා.ප. මන්ත්‍රීන්ගේ සංඛ්‍යාව 78 ක් බවත්, සජිත්ට සහය දෙන්නේ ඔවුන්ගෙන් කිහිපදෙනෙකු පමණක් බවත් පැවසේ. සජිත් තනි සන්ධානයක් සකස් කළහොත් ඔහුට සහයදීමට දැනට සිටින පිරිසද එක්වෙතැයි අපේක්ෂා කළ නොහැකි තත්ත්වයක් මතුව ඇති බව එජාප ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
සජිත්ගේ ණය කාරයෝ දහ අතේ
මේ අතර, සජිත් ප්‍රේමදාස මහතාගේ ඉකුත් ජනපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් සිදු කළ ප්‍රචාර සඳහා තවත් ගෙවීමට රුපියල් මිලියන 260ක මුදලක් ඇති බැවින් නව සන්ධානයක් සැකසුවද එහි ප්‍රචාරක කටයුතු කිරීමට මුදල් සොයා ගැනීම ඉතා අපහසුවනු ඇතැයි සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් වාර්තා වේ.
පසුගිය ජනපතිවරණයේ පරාජිත අපේක්ෂක ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට වියදම් කළ මුදලට නොදෙවෙනි මුදලක් සිය ප්‍රචාරණ කටයුතු වලට වියදම් කර ඇති බව මේවන විට හෙළිව තිබේ.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් කර ඇති සමීක්ෂණයකට අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් තිස්පස් දෙනා සිය මැතිවරණ ප්‍රචාරණය සඳහා වියදම් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 3,796 බව පවැසේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සිය ප්‍රචාරණ කටයුතු සඳහා රුපියල් මිලියන 1,826ක්ද, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සිය ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් මිලියන 1,737ද ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා සිය ජනාධිපතිවරණ ප්‍රචාරණ වියදම ලෙස රුපියල් මිලියන 169ද වැය කර ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය හෙළිකර තිබේ.
කෙසේවුවද, මැතිවරණ පරාජයෙන් පසුව ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් කියා සිටියේ ප්‍රචාරණය සඳහා මුදල් නොමැතිවීම ඒ මහතාගේ පරාජයට හේතුවක් වූ බවයි.
Saturday, December 21, 2019
සජිත් මුස්ලිම් දෙමළ හවුලක් හදන් එජාපය යළි අවුල් කරයි !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment