තරුණයකු හප්පා පලායැම චම්පිකට අධිචෝදනා... වැරදිකරුද නිවැරදිකරුද අසද්දී චම්පික නිහඬයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 5, 2021

තරුණයකු හප්පා පලායැම චම්පිකට අධිචෝදනා... වැරදිකරුද නිවැරදිකරුද අසද්දී චම්පික නිහඬයි

රුණයකු ජීප් රථයකට යටකර පළායම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ විත්තිකාර හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඉදිරියේදී ඊයේ (04දා) අධිචෝදනා පත‍්‍රය කියවා දුන්නේය.
 
 අධිකරණයේ නියෝගය පරිදි මහාධිකරණ භාෂණ පරිවර්තකවරිය විසින් එකී අධිචෝදනා පත‍්‍රය කියවා දීමෙන් අනතුරුව එකී අධිචෝදනාවලට වරදකරුද නැතහොත් නිවැරැුදිකරු දැයි විමසා සිටි අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයට නිසි පිළිතුරක් ලබාදීමෙන් විත්තිකරු වැළකී සිටියේය.
 
සිය සේවාදායකයාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති එකී අධිචෝදනා පත‍්‍රය සම්බන්ධයෙන් සහ එකී අධිචෝදනා විභාග කිරීමට ඇති අධිකරණමය බලතල සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට සිය ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා බලාපොරොත්තු වන බැවින් ඒ සඳහා දින ලබාදෙන ලෙස විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
විත්තිය එවැනි මුලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කළේ නම් ඒ බව අධිකරණයට දැනුම් දිය යුතුව තිබුණේ අධිචෝදනා පත‍්‍රය භාරගත් මුල් දිනයේදී බවත්, එදින අධිචෝදනා පත‍්‍රය භාරගෙන ඇප ලබාගෙන ගොස් මාස කිහිපයක් ගතවී සාක්‍ෂි විභාගය ආරම්භ කිරීමට සූදානම් වනවිට එවැනි කරුණු දැනුම්දීම මගින් නඩු විභාගය අනවශ්‍ය ලෙස කල් දැමීමක් සිදුවන බවත් අධිකරණයට පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එම ඉල්ලීම සම්න්ධයෙන් දැඩි විරුද්ධත්වයක් දැක්වීය.
 
එකී අනතුරින් බරපතළ තුවාල ලබා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිට යාන්තමින් ජීවිතය ගලවාගත් තරුණයා අදටත් කල් ගෙවනුයේ ආබධිත තත්ත්වයෙන් බවත්, ඔහු රෝද පුටුවකින් අධිකරණයට පැමිණියේ තමන්ට සිදුවූ අසාධාරණයට අධිකරණයෙන් හෝ යුක්තිය ඉෂ්ට කරගැනීමේ බලාපොරොත්තුවෙන් බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පැවසීය.
 
විත්තිය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන මූලික විරෝධතා සම්බන්ධයෙන් විමසීම ලබන අපේ‍්‍රල් 27 වැනිදා පැවැත්වීමට දින නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින එම නඩුව යළි කැඳවීමට දින නියම කළේය.
 
ඉදිරි දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් නැවත නොතීසි ලද විටකදී අධිකරණය හමුවේදී පෙනී සිටින ලෙස ඊයේ (04දා* අධිකරණය හමුවේ පෙනී සිටි අනතුරට පත් තරුණයා ඇතුළු පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට විනිසුරුවරයා දැනුම් දුන්නේය.
 
පාඨලී චම්පික රණවක මහතා එකී තරුණයා රිය අනතුරකට ලක්කළ ජීප් රථය එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද විනිසුරුවරයා එහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළේය.
 
2016.2.28 වැනිදා රාත‍්‍රි රාජගිරිය ප‍්‍රදේශයේ දී සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයා රිය අනතුරකට ලක්කර ඒ සම්බන්ධයෙන් පොලිසියට වාර්තා නොකර පළායාම ඇතුළු අධිචෝදනා යටතේ නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි.


No comments:

Post a Comment

Post Bottom Ad