ජනපති ගෝඨාභය විදුලියටත් අතතියයි - රවීගේ නීති විරෝධී වැඩක් එළියට - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 15, 2019

ජනපති ගෝඨාභය විදුලියටත් අතතියයි - රවීගේ නීති විරෝධී වැඩක් එළියට

මෙගාවොට් තුන්සියකින් සමන්විත ගල්අඟුරු බලාගාරයක් ඉදිකිරීමට අදාළ අභිප්‍රාය ලිපියක් (LOI)  හිටපු ඇමැතිවරයකු විසින් නීති විරෝධී ලෙස චීන සමාගමකට ලබාදී තිබේ.

ඉකුත් යහපාලන සමයේදී මෙම අවසරය ලබා දී ඇති අතර එම ගල්අඟුරු බලාගාරය නොරොච්චෝල ප්‍රදේශයේ ඉදිකිරීමට සූදානම් කොට තිබී ඇත.

එහෙත් ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් මෙම අභිප්‍රාය ලිපිය නිකුත් කර තිබීම නිසා බලාගාරය ඉදිකිරීමට අදාළ නෛතික බලතල සම්බන්ධ ප්‍රශ්නයක් නිසා එම බලාගාරය ඉදිකිරීමද පමා වී ඇත.

මේ නිසා රටට අවශ්‍ය අලුත් විදුලි බලාගාර ඉදිකිරීමට නම් වහාම ශ්‍රී  ලංකා විදුලිබල පනත සංශෝධනය කළ යුතුව ඇතැයිද ඒ සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂමහතාගේ අවධානය යොමු කළ යුතු බවද විදුලිබල මණ්ඩල ඉන්ජිනේරුවෝ කියා සිටිති.

ශිරාන් රණසිංහ


No comments:

Post a Comment

Post Bottom Ad