"මේ රාජ්‍ය ව්‍යුහය තුළ, රාජ්‍ය පද්ධතිය තුළ විශාල වෙනස්කම් රාශියක් කරගෙන යනවා. අපට පෙනෙන ප්‍රධානතම වෙනස්කමක් තමයි මුල් පුටුවලට හමුදාවල විශ්‍රාමික ඉහළ නිලධාරීන් තමයි පත් කරමින් යන්නෙ. සිවිල් සේවයේ ඉන්න ඒ ඒ වෘත්තීන් පිළිබඳ විශේෂ හැකියාවක් තියෙන අය පැත්තකට දමමින් මිලිටරිකරණය වෙච්ච මානසිකත්වයක් තියෙන හමුදා ප්‍රධානීන් ටික තමයි දැන් මේ පුටුවල ඉන්දවමින් ඉන්දවමින් යන්නේ.
හමුදා පාලනයක් හා සමාන දරදඬු පාලනයකට අරන් යන කටයුත්තට මූලික අඩිතාලමක් තමයි මේ දමමින් දමමින් ඉන්නේ. පාර්ලිමේන්තු මැතිවරණයට මිලිටරි නායකයින් විශාල ප්‍රමාණයකට නාමයෝජනා දීලා ඒ අය පාර්ලිමේන්තුවට ගෙනල්ලා තමන් ප්‍රිය කරන මිලිටරි ත්‍රස්තවාදයක් කරා ගෙනයන්න හදනවාය කියන කාරණය අවධානයට යොමු කරන්න ලෑස්තියි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
තුෂාර ඉඳුනිල් මහතා මේ බව පැවසුවේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:
Post a Comment