"අපට උතුරේ කවුරුත් ඡන්දෙ දුන්නෙ නෑනෙ. හැබැයි ඡන්දෙ දුන්නෙ නෑ කියන්නෙ ඒ උතුරේ ඉන්න මිනිස්සුන්ගෙ වැරැද්ද නෙවෙයි. මේ අපිම කරගත්ත දෙයක්. අපි උතුරේ ඉන්න මිනිස්සුන්ට අවශ්‍ය දේ හඳුනාගෙන නෑ. එතකොට අපි දැනගන්න ඕනේ උතුරේ ජනතාවගේ අවශ්‍යතාවන් මොනවද, මොනවද මේ කට්ටියට දෙන්න ඕනේ මේ කට්ටියගේ හිත් දිනාගන්න කියන එක.
දැන් ඔවුන්ව නොසලකා හැරලා, තනි කරලා ... මේ දෙමළ ජනතාව අපට වැඩක් නෑ කියන එක නෙවෙයි. මං හිතන්නෙ අපේ දේශපාලනඥයින් ඒ බුද්ධි මට්ටමට එන්න ඕනේ. එතනට ඇවිත් හිතුවොත් එහෙම මේ රට ලොකු ස්ථානයකට ගේන්න පුළුවන්. අපි මිනිස්සුන්ට උදව් කරන්න ගියාම ඒ කට්ටියව බෙදන්න හොඳ නෑ මේ අපේ කට්ටියක්, මේ සජිත් ප්‍රේමදාස මහත්තයාගෙ කට්ටියක් කියලා. මේ කවුරුත් ශ්‍රී ලාංකිකයින්. " යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.
රෝහිත රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ නෙත් එෆ් එම් නාලිකාවේ ඊයේ (09) පැවති වැඩසටහනකට එක් වෙමිනි.


No comments:
Post a Comment