තිරිඟුපිටි ආනයන බදු අඩු කිරීම ගැන රතන හිමි කණගාටු වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 14, 2019

තිරිඟුපිටි ආනයන බදු අඩු කිරීම ගැන රතන හිමි කණගාටු වෙයි

ආනයනික භාණ්ඩවල බදු වෙනුවට දේශීය නිෂ්පාදන මත පනවා ඇති බදු අඩු කිරීමට රජයේ අවධානය යොමුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

මහනුවර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ තිරිඟුපිටි ආනයන බදු අඩු කිරීමට රජය ගත් පියවර සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවයි.

වඳ සැත්කම් පිළිබඳ චෝදනා එල්ල වී සිටින මොහොමඩ්  ෂාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් වන විමර්ශන පිළිබඳවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අදහස් පල කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad