එන මහ මැතිවරණයෙන් එජාපය යලිත් පරාදයි - සජිත්ට විපක්‍ෂ නායකකම දුන් හේතුව රනිල් කටින් පනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 9, 2019

එන මහ මැතිවරණයෙන් එජාපය යලිත් පරාදයි - සජිත්ට විපක්‍ෂ නායකකම දුන් හේතුව රනිල් කටින් පනී

නාධිපතිවරු ප්‍රතිඵලය අනුව බැලුවොත් මීළඟ මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ලබාගත හැක්කේ ආසන 106 ක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඒ අනුව කෙසේ හෝ ආසන 113ක් ලබාගෙන ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා කැපවී කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ තරුණ පෙරමුණ අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

නමුත් එක්සත් ජාතික පක්ෂය පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රමාණය අතර දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් පක්ෂ සහ කඳුකරයේ පක්ෂද නියෝජනය වෙයි.

මහ මැතිවරණයේදී එම පක්‍ෂ කිහිපයක් තනිව තරග වැදීමට දැනටමත් තීරණය කර ඇත.

කෙසේ නමුත් ජනාධිපතිවරණ ප්‍රතිඵලය අනුව ගණනය කලහොත් එක්සත් ජාතික පෙරමුණට ලබාගත හැකි උපරිම ආසන ප්‍රමාණය 98-99 පමණ වෙයි. ඒ දෙමල සන්ධානය හා දෙමල මුස්ලිම් පක්‍ෂද සමගය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වය එම ප්‍රතිඵලය අනුව ආසන 128 ප්‍රමාණයක් ලබාගත හැකිය.

ජවිපෙට ආසන තුනක් එම ප්‍රතිඵලය අනුව හිමිවිය හැක.


No comments:

Post a Comment

Post Bottom Ad