එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව පිළි ගැනීමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එම යෝජනාව ශ්‍රී ලංකාවට අනර්ථකාරී බැවින් එය පිළිගැනීමට රජයට නොහැකි බවද ඔහු සඳහන් කළේය.
ඒ මහතා මේ බව කියා සිටියේ ජනාධිපති කාර්යාලගයේදී විදේශීය මාධ්‍යවේදීන් සමග පැවති හමුවක් අමතමිනි.
මෙම මාධ්‍ය හමුව සඳහා ලෝකයේ ප්‍රධාන පෙළේ විදේශීය මාධ්‍ය ආයතන වල මෙරට නියෝජිත එක්ව සිටියහ.
මේ අතර වාර්තා වන්නේ එළැඹෙන මාර්තු මාසයේදී පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනා ඉදිරිපත් වන්නේ නම් ඒවා කල් දමන ලෙස එම කොමිසමෙන් ඉල්ලා සිටීමට රජය සූදානමින් සිටින බවයි.
එම මාසයේදී ශ්‍රී ලංකාවේ රට පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවන නිසා එම ඉල්ලීම ඉදිරිපත් කිරීමට යන්නේ යැයි වාර්තා වෙයි.
Friday, December 20, 2019
Home
ප්රවෘත්ති
ජිනීවා සම්මත කල යෝජනාව පිලිගන්න බෑ.. එය අප රටට හානිදායකයි - ජනපති විදෙම් මාධ්‍ය කැදවා කියයි
ජිනීවා සම්මත කල යෝජනාව පිලිගන්න බෑ.. එය අප රටට හානිදායකයි - ජනපති විදෙම් මාධ්‍ය කැදවා කියයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment