සහරාන්ගේ ගෝලයෙකු ජීවිතක්ෂයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 15, 2019

සහරාන්ගේ ගෝලයෙකු ජීවිතක්ෂයට

කොළඹ බන්ධනාගාරයේදී කාත්තාන්කුඩිහි තරුණයකු ජිවිතක්ෂයට පත්වි ඇති බවට කාත්තාන්කුඩි පොලිසිය විසින් දැනුම් දී තිබේ.

කාත්තාන්කුඩි 1 හි නූර් මුහම්මද් පටුමගෙහි ජෙයිනුලාබ්දීන් මුහම්මද් ජෙසීල් (18) මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

පසුගිය අප්‍රේල් 21 පාස්කු ඉරුදින සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් පසු සහරාන් කණ්ඩායමේ සැකකරුවෙකු ලෙස මෙම තරුණයා අත්අඩංගුවට ගෙන කොළඹ රඳවා තිබුණි.   

මොහු ජීවිතක්ෂයට පත්වු බවට කාත්තාන්කුඩි පොලිසිය මගින් අදාල තරුණයාගේ නිවසට දැනුම් දී ඇත. 

මොහුගේ සොහොයුරාද සැකකරු ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad