මේ අතර පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පිරිසක් කොළඹ සහල් වෙළඳසැල්වල ඊයේ විශේෂ පරීක්ෂාවක් ද සිදු කළා. එහිදී ඔවුන් අදාළ සහල් වෙළඳසැල්වලට දැනුම් දුන්නේ වැඩිමිලට සහල් අලෙවි කළ හොත් නීතිමය පියවර ගන්නා බවයි.
සහල් වැඩිමිලට අලෙවි කරන වෙළඳසැල් වැටලීම් අද දිනයේ ද කි‍්‍රයාත්මක බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
වෙළඳපලේ පවතින සහල් මිල සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන්නැයි වැඩබලන පොලිස්පති සී ඩී වික‍්‍රමරත්න, පොලීසියේ සියලූ උසස් නිලධාරීන් වෙත ද ඊයේ දන්වා තිබුණා.
ඒ, සහල් වෙළඳුන් අධික මිල ගණන්වලට සහල් අලෙවි කරන බවට තොරතුරු වාර්තාවීමත් සමගයි. ඒ අනුව එලෙස නීතිවිරෝධීව සහල් තොග සගවා වැඩිමිලට අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන ඒ පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කිරීමට ද පියවර ගන්නා ලෙසයි වැඩබලන පොලිස්පතිවරයා උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.


No comments:
Post a Comment