ස්විස් එම්බසි සේවිකාව ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණනයක් ඉල්ලයි.. යෝජනාවට රජය පයින් ගහයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 19, 2019

ස්විස් එම්බසි සේවිකාව ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණනයක් ඉල්ලයි.. යෝජනාවට රජය පයින් ගහයි

ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක වූ ගානියා ප‍්‍රැන්සිස් පැහැරගෙන ගිය බව කියන සිද්ධිය ගැන දේශීය පරීක්‍ෂණ මිස ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකිරීම රජය එකහෙළාම ප‍්‍රතික්‍ෂේප කර ඇත.

රහස් පොලිසිය පරීක්‍ෂණ පැවැත්විය යුත්තේ කෙසේද කියා උපදෙස් දීමට ස්විස් රජයට අයිතියක් නැහැ.
විවිධ චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලැබූ හමුදා සහ නාවික හමුදා නිලධාරීන් දින ගණනාවක් තිස්සේ රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ප‍්‍රශ්න කරද්දී ස්විස් රජය මානව අයිතීන් ගැන කතාකළේ නැහැ යයි එම ආරංචි මාර්ග කියා සිටියේය.

මෙම ස්විස් සේවිකාවට අදාළ සිද්ධිය පසුබිමේ සිටින අය හෙළිකරගන්නා තුරු පරීක්‍ෂණ නොකඩවා පවත්වනවා. සී.සී.ටී.වී. කැමරා 17 ක් වෙතින් ලබාගත් තොරතුරු වලින් ඇය පැහැරගත් බව කියන සිද්ධිය බොරු බව තහවුරුවී තිබෙනවා යැයි එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

– divaina


No comments:

Post a Comment

Post Bottom Ad